කාලෙකට පස්සෙ පෝස්ට් එකක් ලියන්න ගත්තෙ, දුක හිතෙන ආරංචියක් දැකල. අද දෙරණ අඩවියට ගියාම දැක්ක නිවුස් එකක්. අපි කවුරුත් දන්න ඇන්ටන් ජූඩ් මහතා මිය පරලොව ගිහිල්ලලු. අසනීප වෙලා රෝහලට එක්කන් යනකොටම නැති වෙලාලු. :'(
මම ආසම කරපු නළුවෙක් තමයි එතුමා. 90%ක්ම එතුමා රඟපෑ චරිත හාස්‍යජනක චරිත තමයි, ඒ චරිත වලින් ලස්සනට ඒ හාස්‍ය මතු කරල ගත්තු පුද්ගලයෙක්. සබඳ පබිලිස් නාට්‍යයේ රඟපෑ චරිතයට එහෙම මම මාරම කැමතියි.
ඔහු ගැන මම වැඩි දෙයක් නම් දන්නෙ නම් නෑ, නමුත් විඩියෝ ටිකක් තියෙනව, ඔහුගේ මතකයන්ගෙන්.
අපි හැම ඇන්ටන් ජූඩ් මහතාට නිවන් සුව පතමු!!!.

8:41 PM
Madhawa Habarakada
Posted in




Send a mail to madhawa86(at)gmail(dot)com.




ඇන්ටන් ජූඩ් කියන්නේ හැබෑම කළාකරුවෙක් !!
ReplyDeleteරටක ප්‍රේක්ෂකයෝ පිනවූ කලාකරුවෙක් !!
ඔහුට සමාදානයේ සැතපීම ලැබේවා !!
ඉක්මනින් අප අතරට විත් ඉක්මනින් සමුගත් සැමගේ හදවතේ රැදුන කලාකරුවෙක්
ReplyDeleteHis absence makes the stage dull.
ReplyDeleteඇන්ටන් ජූඩ් කියන්නේ දක්ෂතා වලින් පරිපූර්ණ කලා කරුවෙක්.. ඇත්තටම ඔහුගේ වෙන්වීම හිතේ ලොකු සංවේගයක් ඇති කළා..
ReplyDeleteඅපුරු රංගන ශිල්පියෙක්.. අවාසනාවකට වගේ විකට චරිතවලට කොටු උනත් එක ටෙලි නාට්‍යයක ඔහුගේ සාමාන්‍ය චරිතයක් මම දැක්ක මතකයි.. ඔහු නැති වීම තිරයේ විශාල හිස් තැනක් ඇති කළා ..
ReplyDelete