Saturday, June 26, 2010

ලස්සන Blogger Templates ටිකක්

මම ඉතින් මගෙ බ්ලොග් වලින් වැඩි ප්‍රමාණයක් හොස්ට් කරන්නෙ Blogspot උඩනෙ, ඉතින් blogger templates  ගැන මම ගොඩක් හොයනව, ලස්සන ටෙම්ප්ලේට්ස් හොයනව. (හැබැයි මේ බ්ලොග් එකේ, රූසර බ්ලොග් එකේ, මගෙ ඉංග්‍රිසි බ්ලොග් එකේ එහෙම තියෙන්නෙ මමම හදපු තීම්ස්) මම විතරක් නෙමෙයි අපේ Bloggersල ගොඩක් අය ඉන්නෙ Blogspot උඩනෙ. මේක එයාලටත් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනව.
මම අද හිතුව ලස්සන බ්ලොගර් ටෙම්ප්ලේට්ස් ටිකක් ගැන කියන්න. මීට වඩා ලස්සන ඒව ඕනෙ තරම් ඇති, නමුත් මම ඉතින් ඔය වටපිටාවෙ ඇවිදිනකොට හම්බ වෙච්චි ටිකක් තමා මේ. හුඟක් ඒව ඉතාම සරළයි, නමුත් professional look එකක් තියෙනව.






Aparatus



Blogger Template Image

Aparatus කියන තීම් එකට සරළ නමුත් professional look එකක් තියෙනව. උඩ තියෙන රතු පාට කොටස කැපිල පේන විදිහට තමා හදල තියෙන්නෙ, හොඳට ඉඩ තියෙනව.Twitter update icon එකක් උඩින් තියෙනව, අළුත්ම twitter update එකත් එක්ක. අඩවියේ නම දාන්න තියෙන තැන හොඳට ඉඩ තියෙනව, ඔබේම logo එකකුත් දාගන්නත් එක්ක.


Notepad



Blogger Template Image

අත් අකුරු වගේ text තියෙන කඩදාසි වගේ පසුබිම් තියෙන බ්ලොග් ඕනෙ තරම් ඔයාල දැකල ඇති, නමුත් මේ notepad layout එක අළුත්ම ලස්සන නිමාවක් එක්ක තියෙන ටෙම්ප්ලේට් එකක්. Social media links ටිකකුත් තියෙනව ටෙම්ප්ලේට් එකේම, ඒ එක්කම search bar එකකුත් තීම් එකටම ලස්සනට ගැළපෙන විදිහට දාල තියෙනව. ලිපියේ දිනය ලිපියට වම් පැත්තෙන් පේන විදිහට තියෙන එකත් ලස්සනයි.


Clean Type



Blogger Template Image
ඔබ සරළත්වයට කැමති නම් Clean Type කියන තීම් එකත් ඔබට හොඳට ගැළපෙනව. හුඟක් සුදු අවකාශයක් තිබෙන තීම් එකක්. තැඹිලි වර්ණය ලස්සනක් එකතු කරනවා. වම් පැත්තෙන් ඔයාලගෙ logo එක එක්ක නම දාන්න ඉඩත් දකුණු පැත්තට වෙන්න subscribe links ටිකක් තියෙනව. ඒ ටිකත් තැඹිලි වර්ණයේ ප්‍රභේද වලින්ම තිබ්බොත් කැපිල පේන header එකක් ඔයාලට හදාගන්න පුළුවන්.

Twitter



Blogger Template Image

මෙන්න මට නියමෙටම හිතට අල්ලපු එක. මේක දාල මමත් හදන්න ඕනෙ බ්ලොග් එකක්. Blogger වෙනුවෙන් හදල තියෙන Twitter layout එකට සමීපතම replica එක මේක තමා. ට්විටරයේ layout එක එහෙමම පේන්න මේක හදල තියෙනව. හැම ලිපියක්ම ට්වීට් එකක් වගේ තියේවි, Side bar එක ලස්සනට අරගෙන තියෙනව ඔයාලගෙ profile info එහෙම දාන්න පුළුවන් වෙන්න. ගැළපෙන widgets කිහිපයක් එක්ක, ඔයාලට ෂුවර් එකටම පුළුවන් කිහිප දෙනෙක්ව හරි රවටන්න.


Tune Up



Blogger Template Image

ඔයා කැමතිම වර්ණය නිල් පැහැය නම්, මේක නියම තීම් එකක්. සරළ වගේම හොඳ තීම් එකක්. Header එක්ට පහලින් තිබෙන පටිය ත්‍රිමාණ බවක් එකතු කරනවා, ඒ එක්කම ඔයාලගෙ widgets ලස්සන shade එකක් එක්ක සුදු පැහැයෙන් පෙන්වනවා. අනිත් ඔක්කොම සුදු පාට නිසා ලිපි වල තියෙන graphics වලට කවදාවත් කරදරයක් වෙන්නෙ නෑ.


Indicator



Blogger Template Image

පොඩ්ඩක් අඳුරු පැහැයක් තියෙන තීම් එකක්. තද පසුබිමක් එක්ක යන්තම් අඳුරු පැහැයක් සහිත පසුබිමක් ලිපි සඳහා සකසල දීල තියෙනව. විශාල රූප, Youtube video වගේ තියෙන widgets දාගන්න පුළුවන් විදිහෙ පළල් side bar එකකුත් මෙහි තිබෙනවා. Side bar එකේ widgets title එක පෙන්නන කොටසෙ තියෙන ඊ හිස වගේ කොටසින් තීම් එකට ලස්සනක් එකතු කරල තියෙනව.


Vio



Blogger Template Image

බ්ලොග් එකට ටිකක් කෝමල ගතියක් දෙන්න ආස නම් රෝස පාටත් එක්ක Vio තීම් එක ගැන පොඩ්ඩක් හිතල බලන්න. රෝස පාට header එකකුයි හොඳට ඉඩ කඩ ඇතුව ඉන්න පුළුවන් white space එකකුයි, unique layout elements ටිකකුයි මේකෙ තියෙනව. මේක ඇවිල්ල 2 column බ්ලොග් ටෙම්ප්ලේට් එකක් නමුත් එක column එකක් දෙකට කපල වගේ. ඒව හුඟක්ම සිහින් නිසා ඔයාට ඒව පාවිච්චි කරන්න පුළුවන් ඔයාගෙ ප්‍රේක්ෂකයින්ට ඕනෙ දේවල් හොඳට පේන්න දාන්න, නැතිනම් දැන්වීම් එහෙම දාන්න. තව ලස්සන දෙයක් තමයි ලිපියක මාතෘකාවත් එක්ක තියෙන comment bubble එක.


Colorbold



Blogger Template Image

Colorbold කියන්නෙ තද පැහැ වර්න තියෙන කලු පසුබිමක අඩවියේ නම තියෙන තද නිල් පැහැ menu bar එකක් එක්ක පළල් සුදු පැහැ කොටසක ලිපි ලියන්න තියෙන තීම් එකක්. දැන්වීම් පළ කරන්නත් කොටසක් වෙන් කරල තියෙනව.


Arclite



Blogger Template Image

Arclite කියන්නෙ උණුසුම් වර්ණ තියෙන තීම් එකක්. දුඹුරු පාට header එකත් එක්ක ලොකු හිස් ප්‍රදේශයක් තිබෙනව. නිල් පැහැති රවුම් menu bar එකත්, රෝස පැහැ title එකක් තියෙන widgets ටිකක් පිටුවට කැපිල පේන ගතියක් දෙනව. ඕනෙම වැඩකට ගැළපෙන තීම් එකක්.


DailyNotes



Blogger Template Image

දෙපැත්තෙම සිදුරු තියෙන pin feed printer paper එක දන්නව නම්, මේ ලස්සන design එක්ට නම් ඔයාලගෙ හිත යන්න ඕනෙ. මේකත් ලස්සන තීම් එකක්. ටිකක් සංකීරණ පෙනුමක් නම් තියෙනව තමයි, නමුත් ඉතාම හොඳට හදල තියෙන තීම් එකක්. මේක සාමාන්‍ය two-column layout එකක් එක්ක තියෙන කඩදාසි වල පෙනුම දීල තියෙන තීම් එකක්. කඩදාසි පෙනුමත් එක්ක ඔයාලගෙ logo එක ටිකක් නොගැළපෙන්න ඉඩ තියෙනව, ඒ නිසා ඒක ගැනත් හිතන්න, නැතිනම් ඉතින් දීල තියෙනව වගේ සුදු පැහැති අකුරුම යොදන එකම හොඳයි.

__________________________________________________________________
මේවට හිත ගියානම් හෝ, තව ඔයාලගෙ අදහස් තියෙනව නම් comment එකක් දාල යන්න අමතක කරන්න එපා. තව ඔයාල දන්න templates තියෙන අඩවිත් කියන්න.

Friday, June 25, 2010

කාලෙකට පස්සෙ

කාලෙකට පස්සෙ කිව්වට සති දෙකයි මට ලිපියක් දාන්න බැරි උනේ. මොකද කිව්වොත් අපේ ගෙඩහ්‍ර පොඩි කරදර ටිකක්, ඉතින් ඒව මේව නිසා ලිපියක් ලියන්න හරි හමං නිවාඩුවක් ලැබුනෙ නෑ, (ඒ උනාට කොහොමෙං කොහොමහරි Guide To CSE අඩවියටයි Photography සිංහලෙන් අඩවියටයි ලිපි දෙකක් ලියාගත්ත.)
තාම ඒ කරදර නම් ටික ටික තියෙනව, නමුත් මේ සති අන්තයේ නම් මේ බ්ලොග් එකට ලිපියක් ලියන්න තමා හිතාන ඉන්නෙ. පුළුවන් වෙයි කියල හිතනව. ටිකක් වැඩ කටයුතුත් තියෙනව, assignments, courseworks, වගේ ඒව එහෙම. :)
එහෙනම් ලිපියකින් හමු වෙමු. කියන්නකො බලන්න ඔයාල වැඩිපුරම කැමති මොන ජාතියෙ ලිපි වලටද කියල, මම මෙතෙක් ලියල තියෙන.
ආ කියන්න අමතක උනානෙ උපන්දිනයකුත් ලඟ පාත එනව, (ලොකු එකක් නෙමෙයි පළවෙනි උපන්දිනය. කාගෙද කියල හෙට අනිද්දට කියන්නම්කො. :) )

Saturday, June 12, 2010

[තොටගමුවේ හිමියන්ගේ ජනප්‍රවාද] තොටගමුව නොව අපගමුව


මෙන්න තවත් තොටගමුවේ හමුදුරුවන්ගෙ කතාවක්.

ජනප්‍රවාද වල හැටියට තොටගමුවේ හාමුදුරුවො, ගුප්ත විද්‍යාවන්ගේ කෙල පැමිණියෙක්. උන්නාන්සෙ යක්කුන්ගෙනුත් වැඩ ගත්තලු. මේ වැඩට ගත්තු යක්කු, හිමාලයෙන් ගෙන්නගත්තු උන්ලු.
දවසක් ඉතින් හාමුදුරුවො දුර බැහැර බණකට වැඩල ආපහු පංසලට වඩිනව, හොදටම රෑ වෙලා තනියම. හාමුදුරුවන්ට මහන්සියයි තනිකමයි පාළුවයි නිසා හාමුදුරුවොමොකද කළේ, කතා කළා යක්කු දෙතුන් දෙනෙක්ට, ගෙන්නල කිව්ව,

"මාව තොටගමුවට ගෙන යව" කියල.

යක්කු මොකද කළේ, තොටගමුව කිව්වෙ තමුන්ගෙ ගම කියල හිතල තමුන් අරක් අරන් ඉන්නෙ හිමාලයට අහසින් යන්න පටන් ගත්ත. හාමුදුරුවන්ට හරිම මහන්සියි, ඉතින් හාමුදුරුවො සැතපුනා ටිකක්. ඔන්න එක පාරට ඇහැරිච්ච හාමුදුරුවො බැලුව මොකද බොලේ මේ තමුන්ව මුහුද උඩින් අරන් යන්නෙ කියල.
ඉතින් හාමුදුරුවො යක්කුන්ගෙන් ඇහුව මේ කොහෙද මේ යන්නෙ කියල. විස්තරේ ඇහුවම හාමුදුරුවන්ට තේරුනා තමුන් කියපු දේ යක්කු වැරදියට තේරුම් අරන් කියල. ඉතින් හාමුදුරුවො ආපහු කිව්ව,

"තොටගමුවට නොව අපගමුවට ගෙන යව" කියල.

ඔන්න ඉතින් යක්කු, හාමුදුරුවන්ගෙ අණ පිළිපදිමින් හාමුදුරුවන්ව තොටගමුවට ඇරලුව.

Wednesday, June 9, 2010

Blog එකේ ට්‍රැෆික් වැඩි කරගන්න

.
Smak ly කියන්නෙ Social News Network එකක්. මේකෙ තියෙන social widget එකෙන් content aggregation, rate, recommend කරල, බ්ලොගර්ස්ලට වැඩිපුර ට්‍රැෆික්, වැඩිපුර backlinks එකතු කරනව.



Saturday, June 5, 2010

ඔයාගෙ අඩවියෙන් මොනවද කොපි කරල තියෙන්නෙ කියල හොයාගන්න

Tynt කියන්නෙ ඔයාටම ගැළපෙන අඩවියක්. මේකෙන් track කරනව, කට්ටිය ඔයාගෙ අඩවියෙන් මොනවද කොපි කරල තියෙන්නෙ කියල. පොඩි කෝඩ් කෑල්ලක් ටෙම්ප්ලේට් එකට එකතු කරන්න විතරයි තියෙන්නෙ. 




බලන්නකො, මගෙ Guide To CSE අඩවියෙන් කොපි කරල තියෙන්නෙ මොනවද කියල මේකෙන් පෙන්නනව. (script එක install කළේ දවස් කිහිපයකට කලින්, ඒ නිසා වැඩි විස්තර නෑ. මේ බ්ලොග් එකටත් මම ඉස්සෙල්ල මේක දාල තිබ්බ, නමුත් ටෙම්ප්ලේට් එක වෙනස් කළාට පස්සෙ ආපහු දැම්මෙ නෑ.)








Wednesday, June 2, 2010

ඔයාගෙ ෆෝන් එකටත් Privacy Tool එකක්

මොකද්ද අනේ ඒ? 
මේක ඇවිල්ල sms යවන්න පුළුවන් ෆෝන් ඇප් එකක්. SafeBox කියන්නෙ තමුන්ගේ රහස් Contact List එකකට ඉතාම පහසුවෙන් කෙටි පණිවුඩ යවන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක්. මේකෙන් යවන, එන සියළුම තොරතුරු එම මෘදුකාංගය තුල සැමවිටම රහසිගතව ආරක්ෂා වෙලා තියෙනව.



රූසර වෙනුවෙන් නව Flickr සමූහයක් දැන් ක්‍රියාත්මකයි

"Photography සිංහලෙන්" වෙබ් අඩවිය හා එක්වන ඔබට නව අවස්ථාවක්. දැන් මෙම වෙබ් අඩවියට සමාන්තරව, Flickr සමූහයක් ක්‍රියාත්මකයි. 

එම සමූහය හා එක්වී ඔබගේ ඡායාරූප, අදහස් උදහස්, බෙදා හදා ගන්නා ලෙස ඉල්ලා සිටිමු. 

මෙම අඩවිය හා සමූහය හා එක්ව, ඡායරූපකරණය පිළිබඳ දැනුම බෙදා හදා ගන්නට ඔබ සියළු දෙනාටම ආරාධනය කර සිටිමු.



"Guide To CSE" - නව ඩොමේනයකට





"Guide To CSE" සිංහල බ්ලොග් අඩවියට දැන් ඔබට www.guidetocse.com හරහා පිවිසිය හැකිය.
තවත් නව සේවා ඉදිරියේදී බලාපොරොත්තු වන්න. මේ අඩවිය වටා දැන් සැලකිය යුතු සෙනඟක් එකතු වෙනවා. ඒ අයට ඉහළම සහයක් මෙම වෙබ් අඩවිය හරහා දෙන්න මගෙ බලාපොරොත්තුවක් තිබෙනව. ඒ දේ වලට සහය දෙන්න පුළුවන් අය ඉන්නව නම් කරුණාකරල මට දන්වන්න. මේ අඩවිය සාර්ථකව ඉදිරියට ගෙන යාමට මටඔබගේ සහයත් ඉතා වැදගත්.

මා සමඟ එක්ව සිටින ඔබ සැමට ස්තුතියි.