Sunday, November 29, 2009
පින්නවල සාමා
මේ කියන්න යන්නෙ සෙනෙරක් (සෙනෙර කියන්නෙ අලියගෙ ගෑණු සතා හොඳේ) ගැන. මෙයාගෙ නම "සාමා", ඉන්නෙ පින්නවල අලි අනාථාගාරයේ.
මෙයාව එක්ක ඇවිල්ල තියෙන්නෙ ලංකාවෙ උතුරු කරයෙන්. යුද්ධයෙන් අනාථ වෙච්ච තවත් අසරණයෙක්. බිම් බෝම්බයකට කකුල තියල ඉස්සරහ දකුණු කකුලෙන් කොටසක් ඉවත් කරන්න වෙලා (අඟල් 6ක පමණ කොටසක්). දෑන් ඇය ඇවිදින්නෙ පාද 3කින්.
දැන් ඇයට වයස අවුරුදු 15කට වැඩියි. (මට හරිම වයස දැනගන්න බැරි උනා)
ඇවිදින එක කොච්චර අමාරු උනත් ඇය කැමති නෑ එක තැනට වෙලා ඉන්නවත් ඇයව රංචුවෙන් ඉවත් කරල තියෙනවටත්, බැරි බැරි ගානෙ හරි රංචුව එක්ක එහෙ මෙහෙ යනව. (නාන්නත් යනව.) ඔබට පේනවනම් මෙම ඡායාරූප වල, මේ කකුලෙ ප්‍රශ්නෙ හින්ද එයාගෙ අනිත් ඉදිරි පාදයත් කොඳු ඇට නාරටියත් දැනටම ඇද් වෙලා තියෙන්නෙ, ඒ නිසා ඉදිරියෙදි ඇයට තවත් ප්‍රශ්න එන්න ඉඩ තියෙනව.
ඇය වෙනුවෙන්ම වෙබ් අඩවියක් පවා සාදා තිබෙනවා, ඇයට බොරු කකුලක් බද්ධ කිරීම සඳහා ආධාර එකතු කිරීමට.
http://www.luckysama.de/index_e.html
(මෙම ඡායාරූපය ගත්තේ ඊයෙ (28 සෙනසුරාද.) මම, මගෙ අක්කා සහ එයාගෙ යාළුවො 3න් දෙනෙක් සමඟ පින්නවල අලි අනාථාගාරය බලන්න ගිය වෙලාවෙ. ඊට පස්සෙ නුවර ගිහින් අද හවස තමයි ගෙදර ආවෙ. ඉක්මනට නිදා ගන්න හිතුවත් මේක ගැන ලියලම නිදා ගන්න හිතුන.)
Sunday, November 22, 2009
Chrome OS අද හෙටම එනවා
පසුගිය නොවැම්බර් 17 වනදා ගූගල් මගින් Chrome OS සම්බන්ධව විශේෂ සම්මන්ත්‍රනයල් තිබ්බලු, Chrome OS සම්බන්ධ Demos හා එහි අඩංගු විවිධ දේ සම්බන්ධව විස්තර කරන. එය ලබන අවුරුද්ද මුලදී එළි දැක්වීමට බලාපොරොත්තු වෙන බවත් එහිදී සාකච්ඡා වී තිබෙනව.
ඒත් විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්න ලැබිල තිබෙනව (මට නෙමෙයි හොඳේ, TechCrunch එකේ කට්ටියට), තව සතියක් පමණ ඇතුළත Google Chrome OS එළි දැක්වෙන වග.
Chrome OS එක open source, සරළ, වේගවත්, වඩා ආරක්ෂිත හා සැහැල්ලු OS එකක් කියලයි කියැවෙන්නෙ, විශේෂයෙන්ම NetBooks ඉලක්ක කරමින්ලු මේක එන්නෙ.
"We're designing the OS to be fast and lightweight, to start up and get you onto the web in a few seconds. The user interface is minimal to stay out of your way, and most of the user experience takes place on the web. And as we did for the Google Chrome browser, we are going back to the basics and completely redesigning the underlying security architecture of the OS so that users don't have to deal with viruses, malware and security updates. It should just work."
Chrome OS එක දුවන්නෙ Linux Kernel එකක් මත, අලුත් windowing system එකක් එක්ක.
මෘදුකාංග ලියන්නන්ට platform එක වෙන්නෙ අන්තර්ජාලය. සියළුම web applications මේ මත ක්‍රියා කරන අතර, ඔබ කැමතිම ජාල ක්‍රමලේඛ මලින් අළුත් මෘදුකාංග ලියන්න පුළුවන්.
අපිත් බලා ඉමු නේද මේක එනකං?

Friday, November 20, 2009
මැක් වලටත් දැන් ගූගල් ක්‍රෝම්
කොහොම හරි මාස තුනක් විතර යයිලු ඒකෙ බීටා කියන කෑල්ල නැති වෙන්න, ඒ කියන්නෙ 2010 පෙබරවාරි වගේ වෙනකොට මැක් කස්ටියට ක්‍රෝම් එනව මුල්ම සංස්කරණය විදිහට.
මේව හරියටම හරි දවස් නෙමෙයි, නමුත් මේ කාලය තුළ මේව සිද්ද වෙන්න පුළුවන්.
මෙන්න මෙතන බලන්නකෝ.
Loading image
Click anywhere to cancel
Image unavailable
Friday, November 13, 2009
ට්විටරය දැන් තවත් දියුණුයි
දැනට ට්විටරය පාවිච්චි කරන්න පුළුවන්, ඉංග්‍රීසි හා ජපන් භාෂාවෙන් පමණයි, නමුත් එය ප්‍රංශ, ඉතාලි, ජර්මන් හා ස්පාඤ්ඤ භාෂා වලිනුත් භාවිතා කළ හැකි ලෙස සකසන්නට එහි නිර්මාපකයන් වෙහෙසෙනවා.
ඔයාලටත් කෑමති නම් සහභාගි වෙන්න පුළුවන්. ඔවුන් කුඩා ස්වේච්ඡා කණ්ඩායම් වලට ආරාධනා කරනව, ඔවුන් සමඟ එකතු වෙන්න කියල, පරිවර්තන කටයුතු සඳහා.
මේකෙන් ට්විටරය සමඟ සසම්බන්ධ වන පිරිස ඉතා විශාල ලෙස ඉහළ යාවි යෑයි එහි නිර්මාපකයන් බලාපොරොත්තු වෙනවලු.

Tuesday, November 10, 2009
Google Wave - සරළව
ගූගල් සමාගම Google Wave ගිණුම් කස්ටියට බෙදුව මතක ඈතිනෙ, අපේ මේ බ්ලොගෝලයේ කිහිපොඅ දෙනෙක්ටත් ලැබුන කියල ආරංචියි, මට නම් ලැබුනෙ නෑ. :(
ඒකටත් වාසනාව ඕනෙ, හම්බ වෙච්චි අයට පුළුවන් තවත් අයට මේකට ඈරයුම් කරන්න, නමුත් ඒ අයටත් එක පාරටම දෙන්නෙ නෑ, ගූගල් කට්ටිය කැමති නම් විතරයි දුන්නෙ.
කොයික කෙසේ වෙතත් ඒ ගිණුම් ලබා ගත්තු හුඟක් අයට google wave ගැන හරි හැටි දැනුමක් නෑලු. ඉතින් මිනිස්සුන්ට දැන ගන්න ඕනෙලු මේක කොහොමද වැඩ කරන්නෙ කියල.
බලන්නකො මෙන්න මෙ විඩියෝ එක, ඒකෙ තියෙනව ගූගල්ල ගූගල් වෙව් ගැන කියල දුන්න හැටි.
Google Wave තාම තියෙන්නෙ Preview කියල. අඩු ගානෙ Beta සංස්කරණයක්වත් නෙමෙයි. සමහර කොටස් තවම තියෙන්නෙ Under Construction තත්වයේ.
නමුත් ඒ සඳහා විවිධ gadgets නිෂ්පාදනය කිරීමට ගූගල් සමාගම ඉඩ දී තිබෙනව.

මෙන්න මේවයෙ තියෙන්නෙත් ගූගල් වේව්හි විවිධ ක්රියාකාරිත්වයන්. හැබැයි මේව නම් හරිම පොඩි විඩියෝ ක්ලිප්ස්.
Google Wave තාම තියෙන්නෙ Preview කියල. අඩු ගානෙ Beta සංස්කරණයක්වත් නෙමෙයි. සමහර කොටස් තවම තියෙන්නෙ Under Construction තත්වයේ.
නමුත් ඒ සඳහා විවිධ gadgets නිෂ්පාදනය කිරීමට ගූගල් සමාගම ඉඩ දී තිබෙනව.
Saturday, November 7, 2009
ඔන්ලයින් වර්ඩ් ප්‍රොසෙසරයකින් බ්ලොග් ලිපියක් ලියුවෙමි.
මේක මම ලියන්නෙ www.zoho.com වල තියෙන zoho writer එකෙන්, මේක online word processor එකක්, google writer එක වගේ (හැබැයි ඊට වඩා දියුණුයි), මෙතනින්ම බ්ලොග් එකකට පෝස්ට් කරන්න පුළුවන්. මෙතන තියෙන WIZWIG editor එකේ ගොඩාක් options තියෙනව, සාමාන්‍ය blog editor එකට වඩා.

මේ වගේ සංකේත, සමීකරණ දාන්නත් පුළුවන්.

මේ වගේ smilies දාන්නත් පුළුවන්.
මේ තියෙන්නෙ zoho writer එකේ පෙනුම.

මේ වගේ smilies දාන්නත් පුළුවන්.තව හුඟක් දේවල් දාන්න පුළුවන්, වගු, ඉරි, headers, footers, page numbers, etc....
spell check එකක්, thesaurus එකක්, MS word වල තියෙන තවත් options ගොඩක් තියෙනව, ආ, mail merge හිටං තියෙනව. font එක වෙනස් කරන්න (ෆොන්ට් ජාති ගොඩක් තියෙනව), superscript, subscript, colouring text, etc...
මෙතන ඉඳන්ම document එක mail කරන්න, blog එකට යවන්න, ......
ට්‍රයි කරල බලන්නකො, http://www.zoho.com
මෙතන තව හුඟක් දේවල් කර්න්න පුළුවන්.
මේ තියෙන්නෙ එතනදි කරන්න පුළුවන් වෑඩ.
![]() | Zoho Show Online presentation tool | ![]() | Zoho Invoice Online Invoicing. Quick and Easy |
![]() | Zoho Writer Online word processor | ![]() | Zoho Reports Online Database & Reporting |
![]() | Zoho CRM On-demand Customer Relationship Management solution | ![]() | Zoho Creator Online web applications creator |
![]() | Zoho Planner Online organizing tool | ![]() | Zoho Docs Online Document Management |
![]() | Zoho Sheet Online spreadsheet service | ![]() | Zoho Meeting Web Conferencing |
![]() | Zoho Share Centralized Public Repository | ![]() | Zoho Notebook Online Note Taker |
![]() | Zoho Projects Project Management | ![]() | Zoho Wiki Online Wiki with public, private & group permissions |
![]() | Zoho Chat Instant messaging and group chat tool |
Friday, November 6, 2009
මමත් දැම්ම මගෙ බ්ලොග් එකට E-Newsletter එකක්
මේක දැම්මෙ Google Friend Connect එකෙන්. බලන්නකො ගිහින්. එතන පහළින්ම මෙන්න මේ වගෙ එකක් තියෙනව, එතනින් තමයි මේක දා ගන්නෙ.
ඔයාලත් දාල බලන්න.
කොටස් වෙළඳ පළ ගැන වැඩිපුරම ඈසෙන ප්‍රශ්න
කොටස් වෙළඳපළ ආයෝජනය ගැන යම්ම හෝ සිතිවිල්ලක් ඈති සෑම කෙනෙක්ම අසන පළමු ප්රශ්නය,
මම කොටස් මිලදී ගත්තොත් මට හැම වෙලේම ලාභ ලැබෙනවද?
අපොයි නෑ.
කුමන ආකාරයක ආයෝජන ක්‍රමයක් උනත් ඒකෙ අවදානමක් තිබෙනව. අවදානම වැඩි වෙන තරමට ඒකෙන් ලැබෙන ලාභය වැඩියි. නමුත් ඉතින් හැමෝම එහෙම අවදානමක් ගන්න කැමති නෑනෙ, නේද?
ඒක නිසා තමයි, ඔබට ගැළපෙන ආයෝජන ක්‍රමය ඔබ තෝරා ගත යුත්තේ.
ඒ සඳහා මෙන්න මේ දේවල් ගැන සොයා බැලිය යුතුයි.
ඔබ දරන්නට කැමති අවදානමේ තරම තමයි ඔබට තීරණය කරන්න වෙන්නෙ.
බය වෙන්න එපා. ඔබ වැඩේට බැස්සට පස්සෙ ඔබ තනියම නෙමෙයි ඉන්නෙ, ඔබේ ආයෝජන උපදේශකයා ඔබට හැම වෙලේම උපදෙස් දෙන්න සූදානමින් ඉන්නෙ. ඔහු/ඈය කියල දේවි, ඔබේ මුදල් වලින් උපරිම ලාභයක් ගන්න විදිහට ආයෝජනය කරන හැටි.
කොටස් වෙළඳපළ තත්වයට මූලිකව බලපාන ප්‍රධාන සාධක කිහිපයක් තිබෙනව.
උදා: රටේ පොළී අනුපාතික පහළ යන විට ආයෝජකයින් කොටස් වෙළඳපළ ආයෝජනය දෙසට හැරෙන්න ඉඩ තියෙනව, එමගින් කොටස් මිල ඉහළ යාමක් වෙන්න පුළුවන්.
රට තුළ ඡන්දයක්/දේශපාලනික අස්ථාවරත්වයක් ගොඩනැගෙනවනම් කොටස් මිල පහළ යනව.
එම නිසා, කොටස් වෙළඳපළ සම්බන්ධව හා රටේ ආර්ථික තත්වය සම්බන්ධව ලොකු දෑනුමක් නොමැති කෙනෙක්ට, කොටස් වෙළඳපළ ආයෝජනය තුළින් ලාභ ලබා ගන්න නම්, ඒ සම්බන්ධයෙන් හොඳ දැනුමක් ඈති තැරැව්කාර ආයතනයෙන් ඔබට ලබා දෙන ආයෝජන උපදේශකගෙ උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් වෙනවා.
තව ප්‍රශ්න වලට උත්තර ඉදිරියට.
කොටස් වෙළඳපළ සම්බන්ධ මුල් ලිපි කියවන්න.

- එමගින් ලැබෙන ලාභය
- ඔබ දරන්නට කැමති අවදානමේ ප්‍රමාණය
- ඔබගේ ආයෝජනය යළි මුදල් බවට පත් කරගැනීමට ගත වන කාලය
ඔබ දරන්නට කැමති අවදානමේ තරම තමයි ඔබට තීරණය කරන්න වෙන්නෙ.
බය වෙන්න එපා. ඔබ වැඩේට බැස්සට පස්සෙ ඔබ තනියම නෙමෙයි ඉන්නෙ, ඔබේ ආයෝජන උපදේශකයා ඔබට හැම වෙලේම උපදෙස් දෙන්න සූදානමින් ඉන්නෙ. ඔහු/ඈය කියල දේවි, ඔබේ මුදල් වලින් උපරිම ලාභයක් ගන්න විදිහට ආයෝජනය කරන හැටි.
කොටස් වෙළඳපළ තත්වයට මූලිකව බලපාන ප්‍රධාන සාධක කිහිපයක් තිබෙනව.
- පොළී අනුපාතික වල වෙනස් වීම්
- රටේ ආර්ථික තත්වය
- රටේ දේශපලනික ස්ථාවරත්වය
- තවත් අන්තර්ජාතික තත්ව
උදා: රටේ පොළී අනුපාතික පහළ යන විට ආයෝජකයින් කොටස් වෙළඳපළ ආයෝජනය දෙසට හැරෙන්න ඉඩ තියෙනව, එමගින් කොටස් මිල ඉහළ යාමක් වෙන්න පුළුවන්.
රට තුළ ඡන්දයක්/දේශපාලනික අස්ථාවරත්වයක් ගොඩනැගෙනවනම් කොටස් මිල පහළ යනව.
එම නිසා, කොටස් වෙළඳපළ සම්බන්ධව හා රටේ ආර්ථික තත්වය සම්බන්ධව ලොකු දෑනුමක් නොමැති කෙනෙක්ට, කොටස් වෙළඳපළ ආයෝජනය තුළින් ලාභ ලබා ගන්න නම්, ඒ සම්බන්ධයෙන් හොඳ දැනුමක් ඈති තැරැව්කාර ආයතනයෙන් ඔබට ලබා දෙන ආයෝජන උපදේශකගෙ උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් වෙනවා.
තව ප්‍රශ්න වලට උත්තර ඉදිරියට.
කොටස් වෙළඳපළ සම්බන්ධ මුල් ලිපි කියවන්න.
- කොටස් වෙළඳපළ ආයෝජනය ගැන වචන කිහිපයක් (Investing in Colombo Stock Exchange)
- කොටස් වෙළඳපළ සමඟ වැඩ කරන්න කොටස් තැරැව් කරුවෙක් තෝරා ගන්න.
- කොළඹ කොටස් වෙළඳපළ සමඟ කෙලින්ම සම්බන්ධ වෙන්න CDAX පාවිච්චි කරන්න
- කොටස් වෙළඳපළ ආයෝජනයේ වාසි
- කොටස් වෙළඳපළ ආයෝජනයේ අනෙකුත් වාසි
ගූගල් තුළ ඈති ඔබේ තොරතුරු එක වහලක් යටට
ගූගල් විසින් Google Dashboard කියල එකක් දියත් කරල තියෙනව. එමගින් ඔබ පාවිච්චි කරල සියළුම ගූගල් නිෂ්පාදන පිළිබඳ සියළු තොරතුරු, ලින්ක්, ඒවා කළමණාකරනය කරගැනීමට පහසුකම් සළසල තිබෙනව.
Gmail, Calendar, Docs, Web History, Orkut, YouTube, Picasa, Talk, Reader, Alerts, Latitude, Friend Connect, Health, Profile, Contacts, Tasks, and Web History මෙන්න මේ ටික තමා දෑනට Googla Dashboard එකේ තියෙන්නෙ, Google Analytics, Checkout, App Engine, Bookmarks, Base, Groups, Sites, Knol, Local Business Center, Maps, Merchant Center, News, Notebook, Webmaster Tools, Subscribed Links, and Toolbar sync, මේ ටික තාම එතනට දාල නෑ, ලඟදිම දානවලු.
මෙන්න මෙතනට ගියොත් ඔයාලට ඔයාලගෙ dashboard එකට යන්න පුළුවන්.
https://www.google.com/dashboard/
මෙන්න තියෙනව ඒක ගැන පොඩි විඩියෝ එකක්, ඒකත් බැලුවම හොඳ අදහසක් ඒවි.

ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරයේ අලුත්ම බීටා සංස්කරණය bookmark sync පහසුකම සමඟින්
ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරයේ අලුත්ම බීටා සංස්කරණය bookmark sync පහසුකම සමඟින් නිකුත් සර තිබෙනවා.
"For those of you who use several computers -- for example, a laptop at work and a desktop at home -- you've asked for a way to keep your Google Chrome bookmarks in sync across multiple computers," explains Google. "Today's new beta release allows you to do just that! You can keep your Google Chrome bookmarks synchronized and up-to-date across the multiple computers you use, without needing to manually recreate your bookmarks every time you use a different computer."
බලන්නකෝ මේක, මේකෙන් පෙන්නනව ඒක පාවිච්චි කරන හැටි.
මෙම පහසුකම ක්‍රියාත්මක කළ පසු, ඔබ පාවිච්චි කරන පරිගණක වලින් එකක හෝ bookmarks වල වෙනසක් කරන විට අනෙකුත් සියළුම පරිගණක වල එම වෙනස තත්පර කිහිපයකින් සිදු වෙනව.
තවත් කතාවක් ගූගල් කියනව, පෙර ස්ථායි සංස්කරණයට වඩා මෙම අළුත් සංස්කරණය 30% වඩා වේගවත්ලු, සහ එය ගූගල් ක්‍රෝම් පළමු සංස්කරණයට වඩා 400%ක වේගය වැඩි වීමක්.
මෙතන තියෙනව ඒක ක්‍රියා කරවන හැටි.
බීටා සංස්කරණය මෙතනින් බාගන්න.
Monday, November 2, 2009
මෙ ජීවිතය බේරා ගනිමු
මේ අපේ කැම්පස් එකේ අපිට යට බැච් එකක කොල්ලෙක්, නම අසංක. ඔහුට වකුගඩු ආබාධයක් තිබෙනව, පොඩ්ඩක් උදව් කරමු නේද?
මගෙ ඉංග්‍රීසි බ්ලොග් එකේ වැඩි විස්තර තියෙනව, පොඩ්ඩක් කියවල, පොඩි උදව්වක් දෙන්න පුළුවන් නම් ලොකු පිනක් වේවි. මම මේක දාන්න ටිකක් කල් ගියා, ඒ සම්බන්ධයෙන් සමාව අවසර.
මෙන්න ලින්ක් එක.