ළමයි දන්නවද මේ දවස් වල මාකට් එක ගන්නම දෙයක් නා, ඔක්කොම වගේ බැහැගෙන බැහැගෙන යනව. මේ ඔක්කොටම හේතුව අර දෙමළ ඇමරිකන් ඩයල් එක කරපු වංචාව. ඒ යකා හැම එකෙන්ම වගේ කොටස් අරන් තිබ්බ නිසා,
දැන් මාකට් එක හිටු කියල බහිනව. පහු ගිය දවස් කිහිපයේම මාකට් එකේ තත්ත්වෙ ඍණ ගියේ. අදත් එහෙමම තමා. බලන්නකො අද තත්වෙ.
මෙහෙම බැස්මක් නම් මතක ඇති කාලෙක තිබ්බෙ නෑ. (දන්න කාලෙක.) හැබැයි ළමයිනේ ටික දවසකින් මේක ආපහු හරියනව, වැඩේට බැහල කොටස් ටිකක් අරන් තියන්න පුළුවන් නම් ගොඩේ ගොඩ තමා. ආයි හොඳ ලාභයක් ගන්න පුළුවන් වෙනව ෂුවර්.
"මේ ඔක්කොටම හේතුව අර දෙමළ ඇමරිකන් ඩයල් එක කරපු වංචාව."
ReplyDeleteමෙතැනට ජාතිය අදාල කර ගත්තේ ඇයි? මොකක් වුණත් ඔහු ලංකීකයෙක්. එක් අතින් ළංකාව අමතක කරන අය සිටිනකොට යුධයෙන් ළමා සොල්දාදුවන් පුනරුත්ථාපන කරන්නට මුදල් දුන්න ඒක වැදගත් දෙයක්. අනික වෙළඳ පොළ ගැන මට වඩා දන්න ඔයාම දන්නවා ඇතිනේ ලංකාවේ වගේම ලෝකයේ වැදගත් තැනක් ගත්ත ජොන් කීල්ස්වලට ඔහුගේ අයතියක් තිබ්බ බව? අනික ඔහුගෙන් යම් හෝ මෙහෙවරක් වෙන්න ඇති අපේ වෙළඳ පොලට, නැත්තං මෙතරම් බහින්න හේතුව පෙන්වා දෙන්න පුළුවන්ද?
මෙතැනදී මට කිසි ගැටළුවක් නොවුණත් අපේ රටේ කෙනෙකුට ජාතියෙන් ආමන්ත්‍රණ කිරීමයි මේක ලියන්නට හේතු වුණේ.
අද මොකෝ අපි "ළමයි" වෙලා? :/ කොටස් වෙළඳ පොළ ගැන මම වැඩි යමක් නොදන්නවා වුණත් ආපසු වැඩි වීම හෝ තවත් බැස්ම ගැන ඇතැම් කාලවලදී අනාවැකි කියන්න බෑ නෙව?
අග ඉඳල උත්තර දෙන්න පටන් ගන්නම්.
ReplyDeleteළමයි කියන එක ම්ම සාමාන්‍යයෙන් කියන එකක්, නැතුව මේ අවස්ථාවට පමනක් යොදාගත්තු එකක් නෙමෙයි.
මම කිසිදු ජාතිවාදී සිතිවිල්ලකින් කරපු ප්‍රකාශ නෙමෙයි මේව, ඔහු කළේ වැරදි වැඩක්, ත්‍රස්තවාදය සඳහා උදවු කිරීම.
ඒ වගේම කොටස් වෙළඳපළ තුළ වංචා සහගත ලෙස වැඩිපුර කොටස් මිලදී ගෙන තිබීම හා ඒ වංචාව හෙළි වීම නිසා තමයි කොටස් වෙළඳ පළ පහළ බැසීමට හේතුව.
ආහ් ළමයි කියා කතා කිරිම ඒ ගැන මට විශ්මයක් ඇති වුණ නිසා ඇහුවේ, වෙළඳ පොල බැස්සාමත් එසේ කීම පුදුමයක් නෙව!
ReplyDeleteමම දන්නවා ජාතිවාදී අරමුණක් සිතුවිල්ලක් තිබ්බේ නෑ කියලා, ඒත් වැකි පෙලින් එවැන්නක් මතු වෙනවා. ඒ නිසායි විමසුවේ. ඔහු එසේ උදව් දුන්නත් ඒ ගැන නොවෙයිනේ මේ ලිපිය. වෙළද පොල ක්‍රියාවේදී මෙවැනි දේ යොදන්න යාම පාඩුවක් වෙන්න පුළුවන් නේද?
ඔයාගෙ කතාවෙ නම් ඇත්තක් තිබෙනව. පෙන්වා දීම ගැන ස්තූතිවන්ත වෙනවා. වැරැද්දට සමාව අවසර හැමෝගෙන්ම...
ReplyDeleteඔයා හොඳ මහත්තයෙක් . . කෙනෙක් පොඩි හරි වැරද්දක් පෙන්නලා දුන්නාම ඒක නිහතමානීව පිලි අරගෙන ඒ වෙනුවෙන් සමාව ඉල්ලුවා . . . නියමයි මල්ලී . . .
ReplyDeleteඅපේ රටට ඕන මේ වගේ මහත්වරු . . . ! !
ජය වේවා . . . ! !
මම එහෙම තමයි, වැරැද්දක් පිළිගන්න, අනිත් අයගෙන් ඉගෙන ගන්න, උපදෙස් ගන්න, මම ලැජ්ජ වෙන්නෙ නෑ.
ReplyDelete:)
එළ එළ මාර මහත්වරු දෙන්නෙක් කාලෙකින් දැක්කේ
ReplyDeleteමාධව නියමයි ඒ කියන්නෙ මේ කාලෙ කොටස් ටිකක් අරන් තිය ගන්න එක හොදයි නේද???
ReplyDeleteමෙන්න මගේ අඩවිය ඇවිත් බලන්න :- www.batmark.tk
මට කොටස් පොළේ ආයෝජනයක් කරන විදිහ මුල ඉඳල ඉගෙන ගන්න පුළුවන් විදිහේ දානවනම් අපි හැමෝටම ගොඩක් වටිනවා
ReplyDeleteමගෙ Guide To CSE බ්ලොග් එක බැලුවෙ නැද්ද?
Deletewww.guidetocse.com
කාලෙකින් අප්ඩේට් කරල නම් නෑ. නමුත් මූලික සියල්ල ඉගෙනගන්න පුළුවන්.