Friday, October 16, 2009

කාලෙකට පස්සෙ.



කාලෙකට පස්සෙ කිව්වට සතියක් වගේ නේද? මාරම විදිහට බිසී උනා පහුගිය සති වල. ගිය සතියෙ ටෙක්නෝ නිසා, මේ සතියෙ අපේ ඩිපාර්ට්මන්ට් එකේ සර් කෙනෙක් නැති වෙලා ඒ මල ගෙදර නිසා. කිසිම වෙලාවක් තිබුනෙ නෑ අඩු ගානේ හරියකට මේල් චෙක් කරගන්නවත්. මූණු පොත පැත්තෙවත් යන්න බැරි උනා, ෆෝන් එකෙන් තමයි ස්ටේටස් අප්ඩේට් කළෙත්.
කොහොම හරි මේ වැඩ ගොඩ නිසා මගෙ බර කිලෝ 2,3 ක්වත් අඩුවෙන්න ඇති. ලබන සතියත් ටිකක් වැඩ අධික ලෙස ගෙවිල යාවි, මේ සතියෙ කරන්න බැරි වෙච්චි ලෙක්චර් වලට අමතර ලෙක්චර් කිහිපයක්ම දැම්ම. ඒ මදිවට "HRM and Industrial Relations" subject එකේ inclass test එකක් තියෙනව කිව්ව ලබන සතියෙ, අඩු ගානෙ ඒකෙ නෝට්ස් ටිකවත් හරියට නෑ.
techno 2009 ගැන පසු වදනක් ලියන්න හිටියෙ. (මම එතන දවස් දෙකක් හිටියනෙ, අර මම මුලින් කිව්ව ප්‍රදර්ශන කුටියෙ.) නමුත් වෙලාවක් ලැබුනෙ නෑ, දැන්නම් බෑ කොහොමවත්. අපේ ගුණපාල සර් ගැන නම් පොඩි හරි ලිපියක් ලියන්න ඕනෙ.
ඒ අස්සෙ කොටස් වෙළඳපළත් හෝ ගාල නගිනව, ඒක බලන්නවත් වෙලාවක් නෑ, මට සැළකිය යුතු ලාභයක් ගන්න පුළුවන් දැන් මගෙ ලඟ තියෙන කිහිපයක් වික්කොත් නම්.
තව කියන්න දේවල් නම් තියෙනව, ඒත් කම්මැලී ලියන්න. සතියක්, දෙකක් එකතු වෙච්චි මේල් ටික බලන්න ඕනෙ, මූණු පොතේ මොකද වෙලා තියෙන්නෙ කියල බලන්න ඕනෙ, වැඩ ගොඩයි. බලමුකෝ.

2 comments:

  1. හප්පා.. එක සතියට කිලෝ 2-3ක් බර අඩුවෙනවා නම් මරුනේ!

    ReplyDelete
  2. මඟුලක් කතා කරනව, තියෙන ඩිංග රැකගන්න එපැයි.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.