Saturday, October 10, 2009

ලංකාවටම විදුලිය නැති වීමට හේතුව


හැමෝටම හරිම ප්‍රශ්නයක් වෙලා ඇයි මේ ලංකාවටම එක පාරටම විදුලිය නැති උනේ කියල. (ඇත්තටම මට නම් ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ, උඹලටත් හුඟක් වෙලාවට නැතුවැති, හික්ස්. කමක් නෑ). 
ඒකට හේතුව තාම හරියටම අනාවරණය වෙලා නෑ, නමුත් පැවසෙන්නෙ, කැලණිතිස්ස විදුලි බලාගාරයෙන් පිට වන වෝල්ට් 132,000 රැහැන් පද්ධතියේ කෙළවරක ඇති සම්බන්ධකයක් (Grid එකක්) පිපිරීම නිසා මෙය සිදු උනා කියල. ඒක තමා හේතුව, නමුත් ඉන්පසු යළිත් හරි හැටි විදුලිය යථා තත්වයට පත් කිරීමට දිගු කාලයක් ගත වීම නම් ප්‍රශ්නයක්. (එහෙම විදුලිය නැවතුනොත් එක පාරටම ආපහු දෙන්න බෑ, යන්ත්‍ර, පරිපථ, නවත්තල, ඕෆ් කරල, ඒව මුල සිට යළිත් ක්‍රියාත්මක කළ යුතුයි. වැරැද්දක් උනොත් එහෙම ආපහු මුල සිට කරන්න ඕනෙ. :( ) 
මේ පිළිබඳව පූර්ණ පරීක්ෂාවකින් පසුව වාර්ථාවක් ඉදිරිපත් කරන ලෙස ඉහළින් නියෝග ලැබිල තියෙනවලු. ඊට පස්සෙ තමා මොකද වෙලා තියෙන්නෙ කියල හරියටම දැන ගන්න වෙන්නෙ. 
මීට ඉස්සර මෙහෙම ලංකාවටම විදුලිය නැති වෙලා තියෙනව එක පාරක් අසූ ගණන් වල. ඒක වෙලා තියෙන්නෙ එකෙක්ගෙ අත් වැරැද්දක් නිසාලු. ඒ වැරැද්ද සිදු කළ පුද්ගලයා පරීක්ෂණ වලින් පසුව දුෂ්කර පළාතකට මාරු කළාලු.

1 comment:

  1. විදුලිය නැති එකට වඩා ප්‍රශ්නෙ ඩිම් වෙන එකනේ, අද උදෙත් ඩිම් රෑත් ටික වෙලාවක්... හපෝ මට එපාවෙල
    එපා උනයි කියල ටෙලිෆෝන් වගේ අතහරින්නද :D

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.