Saturday, October 31, 2009

ගිය සතිය

කතා කරල වෑඩක් නෑ. හරිම කරදර සතියක්. කරදර කිව්වට කරදර නෑ, වැඩ ටිකක් වැඩී. අපේ ගුණපාල සර් වෙනුවෙන් බණක් තිබ්බනෙ බදාද, ඒකෙ වෑඩ තිබ්බ, එදා හවස වැස්සට තෙමිල බ්‍රහස්පතින්ද උණ ගැනුන. පෙනඩෝල් වලින් ගොඩ දාගත්තෙ. අපේ අක්කගෙ රිසර්ච් රිපෝට්ස් ටිකක් හදන්න මම පොඩ්ඩක් හෙල්ප් කළා, ඒවයෙ ප්‍රින්ට් අවුට් ගත්තෙ මම. A4 බන්ඩලයකුයි කාට්‍රිජ් එකහමාරකුයි ඉවර කළා. සිකුරාද එයා අපේ කෑම්පස් එකට ඈවිල්ල ඒව අරගෙන ගියා. අපේ කෑම්පස් එක ඉස්සරහින්මයි බයින්ඩ් කර ගත්තෙත්.
මට පිං දි දී ගියා.
අදත් ආපහු ටිකක් උණ ගතියක් තියෙනව වගේ, හෙට උදෙන්ම බේතක් ගන්න ඕනෙ, අද හවස බේත් ගන්න යන්න හිතාන හිටියෙ, ඒත් එලියට බහින්න බැරිවෙන්න වැස්සනෙ. හික්ස්.

5 comments:

  1. බේත් ගනිං...
    swine flue නෙමෙයිනේ????????

    ReplyDelete
  2. නෑ නෑ, වැස්සට තෙමිල. සෙමත් ටිකක් තිබ්බ, මට සෙම හැදුනොත් උණ ගැනෙනවමයි....

    ReplyDelete
  3. ස්ටීම් කලා නම් ඔය ගතිය සං ගාල බහිනවා . . . . බොරු නෙමේ . . කරල බලන්න

    ReplyDelete
  4. දැන් හොදයි දෝ.....

    ReplyDelete
  5. දැන් හොඳයි, තව චුට්ටක් සෙම තියෙනව.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.