Showing posts with label Pinnawala Elephants Orphanage. Show all posts
Showing posts with label Pinnawala Elephants Orphanage. Show all posts

Sunday, November 29, 2009

පින්නවල සාමා


මේ කියන්න යන්නෙ සෙනෙරක් (සෙනෙර කියන්නෙ අලියගෙ ගෑණු සතා හොඳේ) ගැන. මෙයාගෙ නම "සාමා", ඉන්නෙ පින්නවල අලි අනාථාගාරයේ. 
මෙයාව එක්ක ඇවිල්ල තියෙන්නෙ ලංකාවෙ උතුරු කරයෙන්. යුද්ධයෙන් අනාථ වෙච්ච තවත් අසරණයෙක්. බිම් බෝම්බයකට කකුල තියල ඉස්සරහ දකුණු කකුලෙන් කොටසක් ඉවත් කරන්න වෙලා (අඟල් 6ක පමණ කොටසක්). දෑන් ඇය ඇවිදින්නෙ පාද 3කින්. 
දැන් ඇයට වයස අවුරුදු 15කට වැඩියි. (මට හරිම වයස දැනගන්න බැරි උනා) 
ඇවිදින එක කොච්චර අමාරු උනත් ඇය කැමති නෑ එක තැනට වෙලා ඉන්නවත් ඇයව රංචුවෙන් ඉවත් කරල තියෙනවටත්, බැරි බැරි ගානෙ හරි රංචුව එක්ක එහෙ මෙහෙ යනව. (නාන්නත් යනව.) ඔබට පේනවනම් මෙම ඡායාරූප වල, මේ කකුලෙ ප්‍රශ්නෙ හින්ද එයාගෙ අනිත් ඉදිරි පාදයත් කොඳු ඇට නාරටියත් දැනටම ඇද් වෙලා තියෙන්නෙ, ඒ නිසා ඉදිරියෙදි ඇයට තවත් ප්‍රශ්න එන්න ඉඩ තියෙනව.


ඇය වෙනුවෙන්ම වෙබ් අඩවියක් පවා සාදා තිබෙනවා, ඇයට බොරු කකුලක් බද්ධ කිරීම සඳහා ආධාර එකතු කිරීමට.
http://www.luckysama.de/index_e.html
(මෙම ඡායාරූපය ගත්තේ ඊයෙ (28 සෙනසුරාද.) මම, මගෙ අක්කා සහ එයාගෙ යාළුවො 3න් දෙනෙක් සමඟ පින්නවල අලි අනාථාගාරය බලන්න ගිය වෙලාවෙ. ඊට පස්සෙ නුවර ගිහින් අද හවස තමයි ගෙදර ආවෙ. ඉක්මනට නිදා ගන්න හිතුවත් මේක ගැන ලියලම නිදා ගන්න හිතුන.)