Saturday, March 20, 2010
කාලෙකට පස්සේ
මේ පැත්තෙ මම දැන් ටිකක් එනව අඩුයි, මොකද දැන් මගෙ "Photography සිංහලෙන්" අඩවියේ වැඩම තමා. පෙරෙයිද ඒකට තව බ්ලොග් අඩවියක් හැදුව ඒකට අදාල පුවත් හා නිවේදන පළ කරන්න. මේකට ගිහිල්ල ඔයාලට රූසර අඩවියට අදාල නිවේදන බලා ගන්න පුළුවන්.
කිහිප දෙනෙක්ම මට කිව්ව PhotoBlog Sindicator එකක් හදන්න කියල, මම ඒ ගැන වැඩි දෙයක් දන්නෙ නෑ. කාලිංග සහෝදරයට මේල් එකක් යැව්ව ගිය සතියෙ, තාම ආරංචියක් නෑ. ලාංකීය සිතිවිලි කට්ටියට ඊයෙ එකක් යැව්ව. දැන් මේ ඒකට අදාල කෙනෙක් එක්ක චැට් කර කර හිටියෙ. නමුත් ඉතින් ඒකට ඕනෙ කරන වෙබ් අවකාශ එහෙම මට නෑ, :( ඒකටත් මොකක් හරි කරන්න වෙනව. බලමුකෝ.
තව තව පොඩි පොඩි අදහස් තියෙනව, රූසර වෙනුවෙන්. ඒව එක එක දාන්නම්, ඒ බ්ලොග් එක සින්ඩියට එක් කළ වහාම. නැත්තම් ඔයාලට roosara.info ගියාමත් ඒව බලාගන්න පුළුවන්.
තව ඔයාලගෙ තියෙන අදහස් දෙන්න. මට මේ අඩවිය ලංකාවෙ තියෙන ජනප්රියම වෙබ් අඩවියක් කරන්න ඕනෙ. :)
ලාංකීය සිතුවිලි දැනටත් photoblog සින්ඩිකේට් කරනවා. වෙනමම සින්ඩියක් හදන්න ඕන නම් අපේ wap එක්ක කතා කරල බලන්න. සින්ඩිකේටර් ගැන මගේ නම් වැඩි දැනුමක් නෑ.
ReplyDeleteමම එයාට කතා කළා, නමුත් positive reply එකක් ලැබුනෙ නෑ. :(
ReplyDeleteඑයාල පාවිච්චි කරන්නෙ එයාලගෙම PHP code එකක්නෙ.