Saturday, August 29, 2009
වැරැද්ද අන් අයට පැටවීම - සිනහවේ ගණිතය
මේක විදුසර පත්‍රයේ "තර්ක ශාස්ත්‍රය" සම්බන්ධ ලිපියකින් උපුටා ගත්තු කතාවක්.
පෙරේරා මහතා තම උපැස් යුවල ගලවා බැලුවේ තමා දෙසට වේගයෙන් පැමිණෙන්නේ කවුරුන් ද යන්න ය. ඒ තම බෑනා බව ඔහු හැඳිනගත්තේ ය. බෑනා ගේ පෙනුම එතරම් ගුණ නැති බව ඔහුට පෙනිණ.
"හලෝ පුතා මොකද මේ කේන්තියෙන් වගේ?" පෙරේරා මහතා ඇසුවේ ය.
"අංකල් මම තවත් බලා ඉන්නේ නෑ... අංකල් දන්නව නේ මම රස්සාව කරන්නේ දුර බැහැර පළාතක. මට හදිස්සියේ නිවාඩුවක් ලැබුණා. ඉතින් මම නෝනට, ඒ කියන්නේ ඔබතුමා ගේ දුවට ටෙලිග්‍රෑම් එකක් යෑව්වා මම ගෙදර එනව කියලා. ඉතින් මම අද ගෙදර ආවා. අංකල් දන්නව ද මම මොනව ද දැක්කේ කියල? කවුද මනුස්සයෙක් එයත් එක්ක සාලේ හිටියා..... මම බලබලා ඉන්නේ නැහැ. කෙළින් ම දික්කසාද නඩුවක් දානව."
"පොඩ්ඩක් ඉන්නකො පුතා කලබල නැතුව. මම දැන් ගිහින් දුව එක්ක කතා කරන්නම්"
පෙරේරා මහතා වැඩි වේලාවක් නො ගොස් ම ආපසු පැමිණියේ ය.
"පුතා නිකරුණේ කලබල වෙලා තියෙන්නේ.....වැරැද්ද දුව ගේ නෙමෙයි නෙ. එයාට ඔයා එවපු ටෙලිග්‍රෑම් එක හම්බ වෙලා නැහැ නෙ."
මෙහි දී පෙරේරා මහතා කරන්නේ කුමක් ද? තම බෑනා ගේ ප්‍රකාශයෙහි ඇති ව්‍යාකූලභාවය සූක්ෂම ලෙස ප්‍රයෝජනයට ගෙන ඔහු වැරැදි බව පෙන්වයි. බෑනා තමා ගේ ප්‍රකාශය මීට වඩා පරෙස්සම් සහිත ව කළේ නම් පෙරේරා මහතාට එබන්දක් කිරීමට ඉඩක් නැති වනු ඇත.
කවුද හරි, කවුද වැරදි ?
:D :D :D
Thursday, August 27, 2009
මුහුණු පොතෙන් දැන් ට්විටරය යාවත්කාලීන කරන්න පුළුවන්
ඔන්න දැන් මුහුණු පොතේ සිට ට්විටරයට updates යවන්න පුළුවන්. මේක මේ මුහුණු පොතට එන application එකක් නෙමෙයි, කෙලින්ම මුහුණු පොත, ඔබට ඔබේ status updates, events, photo updates, links වගේ හැම දෙයක්ම ඔබේ ට්විටර් stream එකට දාන්න හැකියාව ලබා දෙනව.
ඔබ ක්‍රියාත්මක කරන මුහුණු පොතේ පිටු තියෙනවනම් ඒවයෙ updates උනත් ඊට අදාළ ට්විටර් ගිණුමකට යවන්න පුළුවන්.
ඔබට කරන්න තියෙන්නෙ http://www.facebook.com/twitter/ එකට ගිහින් ඒ විකල්පය සක්‍රිය කරන්න විතරයි, එතැන් සිට මුහුණු පොත ඔබේ ට්විටර් stream එක යාවත්කාලීන කරනව.
ඔබට පුළුවන් ට්විටරයට යවන්න ඕනෙ දේවල් මොනවද කියල තෝරන්න.
ගිහින්ම බලන්න.
Tuesday, August 25, 2009
බොක්කෙන් Love
සම්පූර්ණ ගෞරවය කවි පංතියේ කතෲට. කවුද මේක ලිව්වෙ කියල දන්නවනම් මේකට comment කරල කියන්න.
Bokken Love
The 'bokka' is a 'maara' thing with a 'maara' sense of humour
It's where the 'sira' feelings lie in wait for something 'niyama'
It's not as 'pissu' as the heart and is faster than the brain
It's where the 'ginna' really starts to burst out into flames
It 'veli, veli' waits for years and you think it isn't there
Then 'eka parata' you feel it jump and love is in the air
It makes the senses open up, 'budu ammo' what a feeling
You're shocked and stunned and ask yourself if you're 'hitagena' dreaming
Everything is going well and life is 'harima' lovely
You've even gotten close to God and find yourself in 'palli'
'Hina muhuna', twinkling eyes and a bounce in your walk
But 'chuttak inna' if you can and listen to my talk
Even though the 'bokka' takes you on a 'soosthi' high
'Balagena' when you fly off into the deep blue sky
Hold on to your precious 'papuwa', just in case it runs
And remember that 'bokken lauw' happens only once
I know that a few of you might 'shape-eke' disagree
But it's an 'igena gaththa padamak' I'm giving you for free
So 'hithala mathala' do your thing, I won't tell you how
But 'bokken lauw keruwahama, wennema mala illaw!'
The 'bokka' is a 'maara' thing with a 'maara' sense of humour
It's where the 'sira' feelings lie in wait for something 'niyama'
It's not as 'pissu' as the heart and is faster than the brain
It's where the 'ginna' really starts to burst out into flames
It 'veli, veli' waits for years and you think it isn't there
Then 'eka parata' you feel it jump and love is in the air
It makes the senses open up, 'budu ammo' what a feeling
You're shocked and stunned and ask yourself if you're 'hitagena' dreaming
Everything is going well and life is 'harima' lovely
You've even gotten close to God and find yourself in 'palli'
'Hina muhuna', twinkling eyes and a bounce in your walk
But 'chuttak inna' if you can and listen to my talk
Even though the 'bokka' takes you on a 'soosthi' high
'Balagena' when you fly off into the deep blue sky
Hold on to your precious 'papuwa', just in case it runs
And remember that 'bokken lauw' happens only once
I know that a few of you might 'shape-eke' disagree
But it's an 'igena gaththa padamak' I'm giving you for free
So 'hithala mathala' do your thing, I won't tell you how
But 'bokken lauw keruwahama, wennema mala illaw!'
ඔන්න වැඩේ හරි.
ඔන්න අද මේ දැන් මේල් එක ආව මගෙ ඡායාරූපකරණය බ්ලොග් එක සින්ඩියට දැම්ම කියල. අනේ හොඳයි. මම අද පලවෙනි ලිපිය දානව එහෙනම්. මේ ලිපියත් ඒකට දානව ඒක පරික්ෂාකරල බලන්න.
මගෙ බ්ලොග් එක බලන්න ආපු කට්ටිය 2000 පැන්න
| Page Loads | 3,267 |
| Unique Visitors | 2,086 |
| First Time Visitors | 1,165 |
| Returning Visitors | 921 |
ජනප්‍රියම බ්ලොග් ලිපි වෙලා තියෙන්නේ,
වැඩිපුරම ක්ලික් කරල තියෙන ලින්ක් එක තමා මුහුණු පොතේ ගූගල් ෆෑන් පේජ් ලින්ක් එක, දෙවනුව මගෙ ප්‍රොෆයිල් එක බලන ලින්ක් එක. තෙවනුව, මගෙ ලිපියක කියල තිබුන notify.me ලින්ක් එක.
ලංකාවට අමතරව, මගෙ බ්ලොග් එකට කැනඩාවෙන්, කටාර් රාජ්‍යයෙන්, ඇමරිකාවෙන්, ස්වීඩනයෙන්, සිංගප්පූරුවෙන්, සහ තවත් රටවල් කීපයකින් බලන්න කට්ටිය ඇවිත් තියෙනව.
බ්ලොග් එක බලන්න කට්ටිය වැඩිපුරම ඇවිල්ල තියෙන්නෙ Firefox 3.5 පාවිච්චි කරල. දෙවනුව Chrome 2.0. වැඩිපුරම පාවිච්චි කරල තියෙන්නෙ Windows XP, දෙවනුව Windows Vista.
බලමුකො, ඉස්සරහට, මේ ගාන හුඟක් වැඩි කරගන්න බලාපොරොත්තු වෙනව. මගෙ බ්ලොග් එකට ආපු, බලපු, කියවපු හැමෝටම ස්තුතියි. ඒ හැමෝම මා එක්ක දිගටම රැඳී සිටීවි කියල බලාපොරොත්තු වෙනව.
Monday, August 24, 2009
මළ ගෙදර ඉවරයි
Saturday, August 22, 2009
අපේ ලොකු නැන්දා
වැඩි දෙයක් ලියන්න වෙලාවක් නෑ, ලියන්න දෙයකුත් නෑ. අපේ ලොකු නැන්දා අද උදේ නැති උනා. අධි රුධිර පීඩනය තිබුන, ඒකට බේත් බි බී හිටියෙ. අද උදේ ක්ෂණික හෘදයාබාධයක් හැදිල නැති උනා. කරන්න කිසිම දෙයක් නෑ.
අපේ ගෙදර පූසිගෙ සෙල්ලම්
අපේ ගෙදර ඉන්නවලු පූසියක්, උගෙ නම "ටිංකි". මොකද ඌ ටිංකිරි පාටයි. ඌට ඉන්නවලු ලස්සන චූටි පැටියෙක්. ඉතින් උන් දෙන්න හරියට සෙල්ලම් කරනවලු. මේ එහෙම දෙන්න සෙල්ලම් කරනකොට ගත්තු චූටි වීඩියෝ ක්ලිප් එකක්.
Thursday, August 20, 2009
යන්තම් එක වැඩක් හරි
යන්තම් සිංහල බ්ලොග්කරණ තරඟෙට නම් මගෙ ඡායාරූපකරණය බ්ලොග් එක (http://bit.ly/Gu1az) ඇතුළත් කරගත්ත කියල මේල් එකක් ආව, ඒත් තාම සින්ඩියට නම් වැටුනෙ නෑ. ඇඩ්මින්ට දාපු පැමිණිල්ලට නම් උත්තරයක් ආව දින 14ක් දක්වා ගත වෙන්න පුලුවන් කියල. ඒත් මගෙ පරණ බ්ලොග් එක නම් දවසෙන් සින්ඩියට වැටුන.
හ්ම්ම්ම්. බලමුකො ඉතින් තව ටික දවසක්.
හෙමිහිට තව ලිපි ටිකක් ලියන්න ඕනෙ. තව ටික කාලයයිනෙ මෙහෙම විවේකීව ඉන්න පුලුවන්. ඊට පස්සෙ ඉතින් ඔලුව උස්සන්න අමාරු වෙයි.
Tuesday, August 18, 2009
මගෙ බ්ලොග් එක සින්ඩියට වැටෙන්න ඇයි මෙච්චර පරක්කු?
සිංහල බ්ලොග්කරණ තරඟාවලියටත් ඉල්ලුම් කලා, ඒකටත් දැන් දවස් 3යි, තාම එයාලගෙනුත් කිසිම උත්තරයක් නෑනෙ.
දුක තමා... මොකද ඉතින් කරන්නෙ, එයාලට හරියට වැඩ වත්ද?
තව දවසක් දෙකක් බලමුකො නේද...
ආ තව දෙයක්, දැනට ඒ බ්ලොග් එකේ page loads 150කුත්, unique visitors ල 99කුත් ඇවිල්ල තියෙනව. පටන් ගත්තු ගමන් දවස් 2කහමාරට නරක නෑ.
මේක නම් හුඟක් ජනප්‍රිය වෙයි කියල ෂුවර්. හැමෝටම ස්තුති වේවා.
Sunday, August 16, 2009
මොරටුව විශ්ව විද්‍යාලයේ ඉන්න සිංහල බ්ලොග්කරුවන් කවුද?
ඉතින් ඔබ මොරටුව විශ්ව විද්‍යාලයේ ඉන්න සිංහල බ්ලොග්කරුවෙක් නම් කරුණාකරල මේකට කමෙන්ට් එකක් දාල ඒ ගැන මට කියන්න තරම් කාරුණික වෙන්න පුලුවන්ද?
බොහොම ස්තුතියි.
Photography සිංහලෙන්
ඔන්න කිව්ව වගේම බ්ලොග් එකක් පටන් ගත්ත, ඡායාරූපකරණය ගැන. අදහස් උදහස් අහල බලන්න දාපු පෝස්ට් එකට නම් හිතපු තරම් කමෙන්ට්ස් ආවෙ නෑ. කෙසේ වෙතත් මම වැඩේ පටන් ගත්ත.
මට මේ ගැන තියෙන දැනුම පොඩ්ඩයි උනත් මම ඒක හොඳට දෙන්න උත්සාහ කරනව. මමත් සමහර දේවල් ඉගෙන ගන්න ගමන්ම තමයි මේක ලියන්නෙ. මෙන්න ලින්ක් එක.
http://photography-sinhalen.blogspot.com
දැනටත් පොස්ට්ස් ටිකක් ලියල තියෙන්නෙ. බ්ලොග් එක සින්ඩියට වැටුනු ගමන් එව දාන්න බලාපොරොත්තු වෙනව.
Friday, August 14, 2009
අලුත් බ්ලොග් එකක්
මමත් මහලොකු දැනුමක් ඇති කෙනෙක් නෙමෙයි, ඒත් පොඩි පොඩි දේවලුත් දන්නෙ නැති අය ඉන්නවනෙ. මොකද කට්ටිය හිතන්නෙ? සිංහලෙන් තමයි ලියන්න හිතාගෙන ඉන්නෙ. තව ඉතින් ඒ ගැන හොඳ දැනුමක් තියෙන කීපදෙනෙක් සෙට් කරගත්තොත් නම් ගොඩම තමා.
ආපහු නිවාඩුවක්
යන්තම් ඔක්කොම විභාග වැඩ ඉවරයි. ආපහු බ්ලොග් එකට පෝස්ට් එකක් දෙක්කක් දාන්න කාලෙ හරි.
පහුගිය සතියෙ Site Statics දැක්කම කෑගැස්සුනා, ඔක්කොම page loads 34යි, unique visitorsල 28යි, අපෝ වෙලා තියෙන දෙයක්. ගන්නම දෙයක් නෑ, බලමුකෝ, මේ දවස් දෙකෙන් ඔක්කොමල්ලව ආපහු ගෙන්න ගන්න ඕනෙ.
ඒ අස්සෙ අපේ යාලුවො සෙට් එකක් ත්‍රීකුණාමලේ යන්න ට්‍රිප් එකක් ලෑස්ති කරනව, එකත් යන්න ඕනෙ.
තව මගෙ යාලුවෙක් ජපානෙ ඉඳල ආව, එයාව එක්කගෙනත් කොහේ හරි ට්‍රිප් එකක් යන්න ලොකු ඕනෙ කමකුත් තියෙනව. ඒකත් කොහොම හරි කරගන්න ඕනෙ.
ආ.... අමතක උනානෙ, අද යාලුවො සෙට් එකක් එක්ක ගියානෙ Ice Age 3 බලන්න, ෆිල්ම් එක නම් පට්ට, හැබයි image quality එක නම් චාටර්, හරියට ජෝ අබේවික්‍රමගෙ පරණ ෆිල්ම් එකක් බැලුව වගෙ, මොනව කරන්නද ඉතින්. පෙන් එකේ ඔරිජිනල් divx එක තියාගෙන තමා බලන්න ගියේ.
Friday, August 7, 2009
හොඳටම වැඩ
හෙට විභාගෙ. මේ දවස් ටිකේම පාඩම් වැඩ නිසා බ්ලොග් එකට අලුත් පෝස්ට් එකක් දාන්නවත් වෙලාවක් නෑ, අද මේ ගෙදර ආව විතරයි, තව ටිකේන් ආපහු වැඩ පටන් ගන්න ඕනෙ. සින්ඩිය කියවන්නත් බැරි උනා මේ සතියෙම. ආපහු ඉතින් ලබන සිකුරාද තමයි, මොනා හරි ලියන්න වෙන්නෙ.
අද අපේ ඩිපාට්මන්ට් එකට අලුත් බැච් එක ගත්ත, උදේ ඒ පැත්තටත් ගිහින් පොඩ්ඩක් උදව්වක් එහෙම කරල, කතා කරල ආව. එතන පොඩ්දක් ඉන්න තිබ්බ නම් හොඳයි, ඒත් වෙලාව තමා ප්‍රශ්නෙ.
Sunday, August 2, 2009
ගූගල් එකේ මුහුණු පොතේ පිටුව
ඔන්න ගූගල් එක හොර රහසේම මුහුණු පොතේ fan page එකක් පටන් අරන්, ගිය සතියෙ සඳුදා පටන් අරන් තියෙන්නෙ, මමත් මේ අද තමයි දැක්කෙ. ලේසි නෑ දැනටමත් fans ල 266,638 ක් ඉන්නව. මාත් එකෙක්.
ගූගල් Adwords වලටයි iGoogle වලටයි පිටු තිබ්බ, ඒත් ගූගල් එකට කියල Official Facebook page එකක් දැන් තමයි පටන් අරන් තියෙන්නෙ. iGoogle පටන් ගත්තෙ නම් දැන් මාසෙකට විතර ඉස්සර, Adwords එක නම් ටික කාලයක් වෙනව.
ගූගල් එක ට්විටරයෙන් කතා බහ කරන එක තමා පහු ගිය කාලෙ කලේ, දැන් මුහුණු පොතටත් ඇවිල්ල. මේකට හේතුව මුහුණු පොත වගේ සමාජ ජාල වෙබ් අඩවි වලට එන සෙනඟ කන්දරාවම තමයි. ඔයාලත් දන්නව ඇතිනෙ තමුන්ගෙ වෙළඳාමක් ජනප්‍රිය කරගන්න තියෙන ලාභදායීම හා පහසුම ක්‍රමයක් තමයි සමාජ ජාල වෙබ් අඩවි කියල.
ගිහින් බලන්න එයාලගෙ පිටුවට.
ඔයාලගෙත් මොකක් හරි දෙයක් ප්‍රසිද්ධ කරගන්න ඕනෙ නම් මේක තමයි ලේසිම ක්‍රමේ, මුහුණු පොත.
Saturday, August 1, 2009
Google සහ MicroHoo
එයාලගෙ එකඟතාවයේ සාරංශය මෙහෙමයි.
"Microsoft will power Yahoo Search and Yahoo will become the exclusive search advertising provider for Microsoft’s search engine, Bing. Microsoft’s AdCenter will operate self-service advertising for both companies, but each company will maintain its own separate display advertising business and sales force."
මේක සිංහලට හරව හරව ඉන්න බැරි නිසයි කෙලින්ම දැම්මෙ, සමාව අවසර.
මෙකෙන් යාහූ එකට වාසියක් වෙයිද, මේ වෙනුවෙන් ගූගල් එක මොන වගේ දෙයක් කරයිද?
මුහුණු පොතේ Smileys
හැම chat app එකකම වගේ ඒකෙත් තියෙනව smileys. ඒව චැට් එකට දාන්න, ඒවට අදාල යතුරු පුවරු සංයෝජන දැනගෙන ඉන්න ඕනෙ. මමත් ඉස්සර දැනගෙන හිටියෙ, :), ;), :(, :D ටික විතරයි, ඒත් සමහරු එක එක අමුතු අමුතු ඒව එවනකොට මටත් හිතුන ඒ ගැන පොඩ්ඩක් හොයල බලන්න.
ඉතින් මට මෙන්න මේ ලිස්ට් එක ලැබුන.
දැන් ඉතින් මේව ගැන නොදැන හිටපු අයටත් පුලුවන් මේව පාවිච්චි කරල චැට් කරන්න.
| :) | :( | :P | :D | :O | ;) | 8) | 8| | >:( | :\ | :'( | 3:) | (^^^) |
| O:) | :-* | <3 | ^_^ | -_- | O.o | >:o | :v | :3 | :|] | :putnam: |
මේකෙන් ඔයාලටත් උදව්වක් ලැබෙයි කියල හිතනව.

