Wednesday, November 28, 2018

Widgets

ම්නිත්තුවෙන් බයවෙන්න - බය හිතෙන කතා - Creey Pasta


Creepy-pasta කියන්නෙ ඉතා කුඩා ත්‍රාසජනක කතා වලට. මේව වාක්‍යයක් හෝ කුඩා ඡේදයක් හෝ ඡේද කිහිපයක් විය හැකියි. 
විකිපීඩියාවෙ මේව ගැන කියන්නෙ මෙහෙම.
Creepypastas are horror-related legends or images that have been copied and pasted around the Internet.[1][2][3] These Internet entries are often brief, user-generated, paranormal stories intended to scare readers. They include gruesome tales of murder, suicide, and otherworldly occurrences. According to Time magazine, the genre had its peak audience in 2010 when it was covered by The New York Times.[1] 
https://en.wikipedia.org/wiki/Creepypasta
මමත් මේව ගැන දැනගෙන හිටියෙ නෑ. මට මේව මුලින්ම දකින්න ලැබුනෙ FB එකේ Genius Club ගෲප් එකේ තිබ්බ පෝස්ට් එකකින්. 

ඉතින් මේ ගැන ටිකක් හොයල බලන්නත් ආස හිතුන. මොකද ඒ සමහර කතා කියෙව්වම ඇත්තටම ඒවායින් හිතට පොඩි බය හැඟීමක් ආපු නිසා. 

මේ පහත තියෙන ඒව කෙලින්ම අර උඩ කිව්ව පෝස්ට් එකෙන් කොපි කරපුව. අයිතිය සියළුම කතෲන් සතුයි.

-----------------------------------------------------------

මම මහ රෑජාමේ ඇහැරුනේ කවුරුන් හෝ වීදුරුවකට තට්ටු කරන ශබිදයක් ඇහුනා. මම හිතුවා කවුරුහරි හදිසියකට කතාකරන්න මගේ ජනේලයට තට්ටු කරන්න ඇති කියල...
ටික වෙලාවකින් ඒ සද්දේ ආයෙත් ආවා.
මම ටිකක් විපරමි කරල බැලුව කලුවරේම. ඒ සද්දේ ආවේ කන්නාඩිය ඇතුලෙන්.

-----------------------------------------------------------

අම්ම මුළුතැන්ගෙයි වැඩ කරන අතරෙ වයස අවුරුදු 5 පොඩි දුව හිටියෙ ගෙදර උඩුමහලෙ සෙල්ලම් කර කර.
අම්ම කතා කරනව ඇහිල මේ පොඩි දුව පඩිපෙළ දිගේ පහළට දුවගෙන ගියා.
එක පාරටම පඩිපෙළ පහළ කෙළවරේ අයිනෙ තියෙන කාමරේ දොරෙන් අතක් ඇවිල්ල පොඩි ගෑණු ළමයව ඇදල ගත්ත.
එතන හිටියෙ අම්ම!.
"ෂ්. සද්ද කරන්නෙපා. ඒ සද්දෙ මටත් ඇහුන.".....

-----------------------------------------------------------

කෙනඩි අංකල් සවුත් ඇෆ්‍රිකා ඉදන් ආවා. පොර තද දඩයක්කාරයා. සල්ලි කියන්නේ නතිං. පුලුං පුරෝපු මුවෝ, ගෝන්නු, වලස්සු, කොටි විතරක් නෙමේ සිංහයෙකුත් හිටියා. මම නම් ආසමකලේ කිඹුලටයි. අඩි 16ක් විතර තඩි කිඹුලෙක් පුලුං පුරෝලා ලිවින්ග් රූම් එකේ තියලා තිබ්බා. 

"පුතා... කොහෙද ඉන්නේ? බැංග්ලෝ එක පැත්තේ එනවද...?"

කොල්ලෝ සෙට් එකත් එක්ක ක්ලබ් එකේ සෙට් වෙලා ඉද්දී කෝල් එකක් ආවා. අංකල්ට කයියක් ගහන්න එහෙම ඕනේ උනාම මාව නැතුවම බෑ. වෙලාව 7.30ට වගේ. යන්තමට ඇස් රතුවෙලා තිබ්බත් 15 km ඩ්‍රයිව් කරන්න බැරිකමක් නෑ.

"රායිට් අංකල් ඔන් ද වේ..."
ජීප් එක සද්දෙට හරෝගෙන යාලුවෝ සෙට් එකත් හලලා මම එන්න පිටත් උනා. අංකල් ආවාම වෙනදා කරනවා වගේ එස්ටේට් එකේ ගේට් එක හායි ගාලා ඇරලා. මම ජීප් එක විලෝ ගහ යට පාක් කරලා පූල් එක පැත්තෙන් පඩිපෙල නැගගෙන ආවා.
අංකලයට යන්තම් මොලේ පෑදිලා. මම කට කැඩෙනකල් කියලා ඇති කිබුලාව පූල් එකේ සයිඩ් එකෙන් තියන්න කියලා. පට්ට ගති නේ... අංකල් කිව්වේ පූල් එක අයිනෙන් තියලා තිබ්බාම වතුරටයි හියුමිඩිටි එකටයි ඌව සවුත්තු වෙනවා කියලා. පට්ටම තාත්විකයි ඒ තිබ්බ විදිය නම්. තවත් ලොකුවට පෙන්නේ. මම පුලුන් පුරෝපු කිඹුලාගේ ඔලුවට තට්ටුවකුත් දාගෙන බංග්ලෝ එක ඇතුලට ආවා.

"අංකල් මොකෝ අර කිඹුලව..... හෑ....!"
මෙන්න බොලේ අංකලයාගේ කිඹුලා ලිවිං රූම් එකේ තිබුනු තැනම තියෙනවා!

"පුතාත් නිවුස් එක ඇහුවද? අර මිනීකන කිඹුලෙක් සූ එකෙන් පැනලා ගිහින් නේ. අන්න කට්ටියම හැම තැනම හොයනවා...”

-----------------------------------------------------------

“ශ්.... බබා.... ඔයාට ඇහෙනවද....."
වයිෆ් මාව හිමීට ඇහැරවන ගමන් කොදුරලා කිව්වා. වයිෆ් මොකක් හරි එකකට හොදටම බය වෙලා වගේ. මූනත් මල මිනියක් වගේ සුදු මැලි වෙලා. බයටම බාගෙට ඇරිච්ච කට දෙපැත්තෙන් මම කවදත් ආසා කල නල දත් දෙකත් හද එලියට බේරිලා පේනවා කරුවලේ උනත්.
"මොකක්ද බබා....?" මම නිදි ගැට කඩන ගමන් ඇහුවා.
"ශ්..... ඔය ඔය...."
අම්මෝ ඇත්ත නේන්නම්! පොඩි ලමයෙක් අඩන සද්දේ හොදට ඇහෙනවා! අපේ බබා ගෙදර නෑ. වයිෆ්ලාගේ අම්මාලාගේ ගෙදර ඊයේ ඉදන්. අක්කර දහයක පොල් ඉඩමක් මැද තියෙන්නේ අපේ ගේ. ආයෙත් ඔන්න ඇහෙනවා බෑගිරි දීලා පොඩි එකෙක් අඩන සද්දේ. කොදුනාරටිය දිගේ සීතලක් ගමන් කලත් අලුත බැදපු වයිෆ්ට වැඩ පෙන්නන්න නියම චාන්ස් එක.
"කෝ කෝ බබා පැත්තකට වෙන්න! බලමු මොකාද මේ සෙල්ලම් කරන්නේ කියලා!!" මම වයිෆ්වත් පැත්තකට තල්ලු කරන ගමන් ෆුල් ගට අරන් නැගිට්ටා.
"අනේ රයන් යන්න එපා...... මට බයයි....!!!"
මම නෑහුනා වගේ ඇද ලගම තිබුනු බේස් බෝල් බැට් එකත් අත් දෙකෙන්ම උලුක් කරගෙන පඩි පෙල බැස්සා. හොල්මනක් නෙමේ මහසෝනා උනත් ඉස්සරහට ආවොත් පැනි බේරෙන්න දෙන එක නම් දෙනවා! ඒත් මොන යකාද මේ පොඩි ලමයෙක් වගේ අඩන්නේ... අපේ බබයි වයිෆ්වයි මමම නේ වයිෆ්ලාගේ ගෙදර ගිහින් ඇරලලා ආවේ. අනිද්දා ගිහින් දෙන්නවම අරන් එන්න ඕනේ..... මොකක්! වයිෆ් බබත් එක්ක අම්මලාගේ ගෙදර නේ!!
හෑ......! එතකොට කව්ද මාව ඇහැරුවේ!!!
-----------------------------------------------------------

ඔන්න ඔය වගේ කතා තමයි. නෙට් එකේ ඉංග්‍රීසි කතා නම් ගොඩක් හොයාගන්න තියෙනව. සිංහල කතා නම් ගොඩාක් අඩුයි. 

ඔයාලත් අහල / කියවල තියෙන Creepy Pasta කතා තියෙනව නම් ශෙයා කරගන්න අපේ කියවන්නො එක්ක. 


0 comments:

Post a Comment

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.