Friday, February 24, 2017

Solar Lighting System එකක් අපිම හදමු - DIY



තාම ප්ලෑනිං හොඳේ. 
දැන් හැමතැනම solar lighting systems ගැන කතාව. ආණ්ඩුවෙනුත් මේකට ලොකු තල්ලුවක් දුන්නනෙ.
කොහොම උනත් හොඳ වැඩක්. ණය පහසුකම් පවා දෙන නිසා මේක ඉස්සරහට යාවි කියල හිතෙනව. දැන් රජයේ ආයතන වලටත් ඕව හයි කරගෙන යනව. 

කොහොම හරි ඉතින් මමත් හිතුව අපේ ගෙදරටත් එකක් හයි කරන්න. හැබැයි අපේ ගෙදර බිල ඒකක 140-170 අතර තියෙන්නෙ. ඉතින් කෙලින්ම ලොකු සිස්ටම් එකක් හයි කරන එක එතරම්ම තේරුමක් නෑ. මොකද Payback period එක ගොඩක් වැඩියි.

මේ පහත තියෙන්නෙ CEB එකේ බිල හැදෙන විදිහ. 

Consumption per month(kWh)
Energy Charge (LKR/kWh)
Fixed Charge(LKR/month)
0-60
7.85
61-90
10
90
91-120
27.75
480
121-180
32
480
More Than 180
45
540


මේ තියෙන්නෙ විවිධ ඒකක ගණන් වලට බිල එන විදිහ.

Units
Bill
169
3,651.50
159
3,331.50
149
3011.50
139
2691.50
129
2371.50
119
2055.75
109
1778.25
99
1500.75
89
851.00
79
751.00

ඔයාලට පේනව ඇති, බිලේ ලොකු වෙනසක් වෙන්නෙ ඒකක 90 පනිනකොට හා ඒකක 180 පනිනකොට කියල. ඉතින් ඒකක 150ක සාමාන්‍යයක් තියෙන අපේ ගෙදරට ලොකු සිස්ටම් එකක්, ඒ කිව්වෙ 1kW, 2kW වගේ සිස්ටම් එකක් දාගන්න එක එතරම් තේරුමක් නෑ. යුනිට් 180 පනිනව නම් අනිවා 2-3kW වගේ එකක් සවි කරගන්න එක නම් ගොඩක් වටිනවා. (සාමාන්‍යයෙන් 1kW සිස්ටම් එකකින් යුනිට් 100-120 අතර ප්‍රමාණයක් ලබාගන්න පුළුවන් මාසෙකට)

මේ දේවල් අනුව මට ලොකු සිස්ටම් එකක් වැඩක් නැති නිසා මගෙ ප්ලෑන් එක 200W විතර සිස්ටම් එකක් හදාගන්න. Lighting සහ වැඩි වොට් ගාණක් නැති විදුලි උපකරණ ටිකක් වෙනුවෙන් භාවිතා කරන්න.

ඉතින් මම තාම බඩු ටික එකතු කරන ගමන් ඉන්නෙ.
මේ තියෙන්නෙ මගෙ ප්ලෑන් එක හා වියදම් විස්තරය. මම කරන්න හදන්නෙ inverter එකක් හරහා 230V අරගෙන change over එකක් හරහා ගෙදරට දෙන එක. 


Unit Price
No. of Units
Price
Buy from
Solar Panel 100W
11500
2
23000
local
Charging Controller
1200
1
1200
ebay
100Ah Deep Cycle Battery
9000
2
18000
Local, Used
220V 1000W inverter
3300
1
3300
ebay
Miscellaneous
2000

2000
Local
Total
47500

Miscellaneous කියල දාල තියෙන්නෙ change over switch, වයර්, ප්ලග්, ටේප්, වගේ දේවල් වලට වියදම් වෙන් කරල. 
පැනල් තියන ෆ්‍රේම් එකට නම් මම ගාණක් දාල නෑ. 

සෝලාර් පැනල්
පැනල් ගැන කිව්වොත්, අපේ වැඩේට ඕනෙ කරන්නෙ Poly crystalline Solar Panels. Mono crystalline ඒව වඩා හොඳ උනත් ලංකාව වගේ රටකට එතරම් විශේෂයක් නෑ. ඒවයෙ මිලත් සාපේක්ෂව වැඩියි. 

10W, 20W, 50W, 70W, 100W, 150W පැනල් වලින් 12V ප්‍රතිදානයකුත්, ඊට වැඩි ඒවායින් 24V ප්‍රතිදානයකුත් ලැබෙනව. ඉතින් මම තෝරා ගත්තෙ 100W Panels 2ක්.  
මම ලංකාවෙ පැනල් විකුණන කිහිප දෙනෙක්ටම කතා කළා. මට හොඳ මිලක් ලැබුනෙ කඩවත ලලිත් මහතාගෙන්. එයාගෙ ඉක්මන් එකේ ඇඩ් එක පහත තියෙනව. චීනයෙන් ගෙන්වල ලද පැනල් තමා ඔහු ලභ තියෙන්නෙ. 
https://ikman.lk/en/ad/solar-panel-70w-for-sale-gampaha
https://ikman.lk/en/ad/20w-solar-panel-for-sale-gampaha


UPDATE (30/07/2017)
මම ගත්ත 150W panel එකක්. පස්සෙ 300W වලට upgrade කරන්න ලබාගෙන. 

Charging Controller
බැටරි හරියට චාර්ජ් කරන්න, පැනල් එක, බැටරිය පරිස්සම් කරගන්න මේක අත්‍යවශ්‍යයි. 
Charging Controller එක ගත්ත ebay එකෙන්. 30A එකක්. මගෙ දැන් සිස්ටම් එකට 10A එකකුත් ඇති. නමුත් ඉස්සරහට වැඩි කරන්න ප්ලෑන් එකක් තියෙන නිසා වැඩි එකක් ගත්ත. EBay එකෙන් තමා ගත්තෙ. 
ගන්නකොට මතක් කරල MPPT වර්ගයෙන් ගන්න. ඒක තමා හොඳ එක. 
Battery Bank
බැටරි ගැන දෙයක් කියන්න තියෙනව. Deep Cycle Batteries තමා මේ වැඩේට හොඳම. ඒව අලුත්ම එකක් රු. 30,000 - 40,000ක් වගේ වෙනව. නමුත් මේ වැඩේට පාවිච්චියෙන් ඉවත දාපු හොඳ කන්ඩිෂන් එකේ තියෙන එකක් ගන්න පුළුවන්. ලොකු සමාගම් වල UPS systems වලින් ඉවත් කරන ඒව මේ වැඩේට ඉහටත් උඩින්.


උඩ කිව්ව ලලිත් මහතා ගාවත් තියෙනව. නමුත් මිල ටිකක් වැඩියි. මට පහත ලින්ක් එක ඊයෙ හම්බුනා. එතන නම් ගාණ ටිකක් අඩුයි. හැබැයි ඒ බැටරි ලොට් එක එන්නෙ මාර්තු වලලු. මම, මට හා මිතුරෙක්ට බැටරි 4ක් pre-order කළා. ඔයාලටත් ඕනෙ නම් දැන්ම මේල් එකක් / කෝල් එකක් දාල බැටරි බුක් කරගන්න. (First Come First Serve දෙන්නෙ. ඒ නිසා ඉක්මන් වෙන තරමට හොඳයි.) මේ ඇඩ් වල හැටියට 8000-9000/= අතර මිලකට 90 හෝ 100Ah බැටරි ගන්න පුළුවන්.
https://ikman.lk/en/ad/deep-cycle-ups-battery-solar-for-sale-colombo
https://ikman.lk/en/ad/deep-cycle-battery-for-solar-for-sale-colombo
UPDATE: ඇඩ් දෙක expire වී ඇත. අලුත් ඇඩ් එකක් දැක්ක ගමන් මම දාන්නම් මෙතනම. 

මම තව හොයනව. මීට අඩු තැනකුත් හොයාගන්න තියෙනවද කියල. 

ඒව හොයා ගන්න බැරි නම් හෝ මිල වැඩි නම් භාවිතයෙන් ඉවත් කරපු Starter Battery එකක් උනත් කමක් නෑ. (වාහන බැටරි) ඒකක් නම් රු. 2000-5000 අතර ගාණකට හොයා ගන්න පුළුවන්.

මේ දෙකේ ප්‍රධාන වෙනස ගැන කිව්වොත්, Deep cycle batteries වල මුලු ධාරිතාවයෙන් 80% විතර භාවිතයට ගන්න පුළුවන් උනාට starter battery එකක පුළුවන් 50%ක් වගේ. (මේ සංඛ්‍යා ගැන නම් මට හොඳම අදහසක් නෑ හැබැයි)
ඒත් එක්කම සෝලාර් වලට මේ දෙජාතියෙන් බැටරි ගන්නව නම් durability හා life time අතින් deep cycle batteries ගොඩක් ඉහළයි. 

12V to 220V Inverter
ඉන්වර්ටරයක් භාවිතා කරන්නෙ නැති නම් අපි වෙනමම wiring එකක් කරගන්න හා 12V වලින් වැඩ කරන උපකරණ ගන්න අවශ්‍ය වෙනව. 12V වැඩ කරන බල්බ්, ෆෑන්, වතුර මෝටර්, ස්ත්‍රික්ක තියෙනව. ඒව ගන්න වෙනව.
ඒක කරදර වැඩක් නිසා මම කරන්නෙ inverter එකක් භාවිතා කරල 12V DC විදුලිය 230V AC වලට හරවන එක. එතකොට change over switch එකක් හරහා මට ඕනෙ වෙලාවට CEB එකෙන් Inverter එකට මාරු වෙන්න පුළුවන්. 

මම මගෙ පැනල් ධාරිතාවය, බැටරි ධාරිතාවය, භාවිතය ගැන හිතල 1000W එකක් තමා ගත්තෙ.  පස්සෙ ඕනෙ උනොත් ඊට වැඩක් එකක් ගන්නව.  වැඩි ලෝඩ් එකක් හයි කළොත් මේකෙ තියෙන ආරක්ෂක විධිවිදාන වලට අනුව මේක ඕෆ් වෙනව. මේකත් ගත්තෙ Ebay එකෙන්. 
තව මේකට උවමනා උපකරණ තමයි change Over Switch, Plugs, Wires වගේ දේවල්.

ගෙදර lighting, fans, TV, Radio, Chargers වගේ දේවල් වලට තමා මම මේක භාවිතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ. Fridge එකට පුළුවනද කියල හරියටම කියන්න බෑ. තව ටිකක් හොයල බලන්න ඕනෙ. මොකද ෆ්‍රිජ් එකේ wattage එක ලොකු ගාණක් නොවුනත් ඒකෙ compressor එකේ starting current එක කොහොමද කියල මම දන්නෙ නැති නිසා. හොයල බලන්න ඕනෙ.

UPDATE (30/07/2017)
Inverter නොවන ශීතකරණ නම් දුවන්නට බැරිය. (starting power එක 1000W වගේ. ඉතින් inverter එක ඕෆ් වෙනව ෆ්‍රිජ් එක ඔන් කළ ගමන්. Inverter ෆ්‍රිජ් දුවන්න පුළුවන් වෙයි. 

මේ තියෙන්නෙ wiring diagram එකක්.



ගණං මිනුම් ටිකක් කරන ගමන් ඉන්නෙ. ඒවයෙ අප්ඩේට් එකකුත් දාන්නම් ඉක්මනටම. 

real system photos එක්ක මේ සම්බන්ධ අප්ඩේට් එකක් එක්ක එන මාසෙ එන්නම්. 

ඔයාලගෙ ගෙදරට එකක් හදාගන්න මොකක් හරි හෙල්ප් එකක් ඕනෙ නම් දෙන්නම්. හැබැයි මම මේ  සම්බන්ධයෙන් ඉහළම තාක්ෂණික දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයි. මමත් හොයමින් ඉගෙනගනිමින් කරන්නෙ. මගෙ දැනුමෙ හැටියට දෙන්න පුළුවන් හොඳම පිළිතුර දෙන්නම්, නැතිනම් අහල / හොයල හරි කියන්නම්. කමෙන්ට් එකක් දාන්න ගැටළුවත් එක්ක.  

පහත කමෙන්ට් වල ඉන්න Thiwanka Wimalasooriya මේ සම්බන්ධයෙන් හොඳ දැනුමැත්තෙක්. ඔහුගෙනුත් උපදෙස් ගන්න පුළුවන්. http://twimalasuriya.blogspot.com මේ තියෙන්නෙ ඔහුගෙ බ්ලොග් එක.


UPDATE (30/07/2017)
දැන් ඔක්කොම කොටස් මිලට අරගෙන තියෙන්නෙ. වයර් සහ ස්විච් ටික ගත්තම වැඩේ පටන් ගන්න පුළුවන්. මම අලුතින්ම පෝස්ට් එකක් දාන්නම් ආපහු. 

Update (12/08/2017)
සිස්ටම් එක හදල මම ලිව්ව අලුත් ලිපියත් බලන්න.
http://madhawaweblog.blogspot.com/2017/08/solar-electricity-system-diy.html


UPDATE: 
අපි FaceBook Group එකක් හැදුව Off Grid Solar Systems DIY හදන අයට සාකච්ඡා කරන්න. ඒකට එකතු වෙන්නත් ආරාධනා කරනවා.