Friday, October 21, 2016

ඔබේම ව්‍යාපාරයක් අරඹා ජයගන්න. එකතු වන්න. Tyro Club



මම මුලින් දාපු ලිපිය "30-50%ක ලාභයක් ලැබෙන ඔයාලගෙම ඔන්ලයින් බිස්නස් එකක් ආරම්භ කරන්න" ලිපිය හුඟක් අය කියවන්න ඇති කියල හිතනව. ඒක කියවල වැඩක් කරන්න පටන් ගත්තු දෙතුන් දෙනෙකුත් ඉන්නව (මට කිව්ව). අති සාර්ථක ලෙස.
අනිත් අය දැන් පරක්කු වැඩියි. මම පෝස්ට් එක ඉවත් කලා.

මොකද දන්නවද, වටිනාකමක් එකතු කරන්න අවශ්‍ය නිසා. ඒ දේවල් ඉගෙනගෙන තමන්ගෙම ව්‍යාපාරයක් 


අරඹන්න තවත් කැමති අය ඉන්නව නම් මට කියන්න.
උදව් කරන්න මම සූදානම්. පොදුවේ නෙමෙයි, පුද්ගලික වශයෙන්. 

මට ඔයාලගෙ විස්තර එවන්න. ඒකට පහත පෝරමය භාවිතා කරන්න.



මේ ප්‍රශ්න වලට උත්තරත් එක්ක මට මැසේජ් එකක් දාන්න. ඒ විස්තරත් තියෙන මැසේජ් විතරයි මම බලන්නෙත්. 


Tyro Club නමින් මම FB Private Group එකක් හැදුව. ඒකට ඇතුළු වෙන්න පුළුවන් ඉහත ප්‍රශ්න වලට හොඳ පිළිතුරු ලබා දෙන අයට විතරයි. බිස්නස් එක සාර්ථක කරගන්න හැකි සෑම සහයක්ම මම දෙන්න කැමතියි. Members Only Group එකක් මේක. වටින අය විතරයි මේකට එකතු කරගන්නෙ. වටින කියල අදහස් කළේ, මහන්සි වෙලා බිස්නස් එකක් ආරම්භ කරල සාර්ථක වෙන්න කැමති අය. 


මේ සම්බන්ධ වීම හරහා අර මුල් ලිපිය විතරක් නෙමෙයි, ඊට වඩා ගොඩක් උපදෙස් හා සහය ලැබෙයි. 

සමහරවිට ආයෝජකයින් පවා හම්බෙන්න පුළුවන්.

මගෙ පෝස්ට් එක කියවල, දැනට ආරම්භයක් ගත්තු සිව් දෙනෙක් ගැන මම කියන්න කැමතියි.

  1. එක්කෙනෙක් ikman.lk අඩවිය හරහා සතියකින් රු. 12000ක මුදලක් ලාභය වශයෙන්ම පමණක් හොයල තියෙනව. මේ සතයක්වත් වියදම් කරන්නෙ නැතිව. පොඩ්ඩක් මහන්සි වෙලා විතරයි. 
  2. දෙවැන්නා FB Fan Page එකක් හරහා වෙළඳාම ආරම්භ කර දින 2-3කින් රු.4000-5000 අතර ලාභයක් ලබාගත හැකි Orders ලබාගෙන තිබෙනව. දැන් එයා bulk order එකක් දැම්ම supplier එක්ක කතා කරගෙන. 
  3. තෙවැන්නා කරමින් හිටිය වැඩක් අතෑරල දාල හිටිය වැඩක් උනේ නැති නිසා. නමුත් මම කිව්ව දේවල් වලින් අදහසක් අරගෙන ආපහු පටන් ගත්ත. දවස් කිහිපයකින් රු.5000ක් පමණ ලාභයක් උපයල භාණ්ඩ 3-4ක් විකුණල.
  4. සිව්වැන්න මේ මම මේ පෝස්ට් එක හදන අතරෙ මැසේජ් කළා. රු. 3000ක් උපයල එක වැඩක් කරල. සතයක්වත් වියදම් නොකර.

මේ හතර දෙනාගෙන් දෙන්නෙක් මගෙන් මැසේජ් කරමින් යම් යම් කුඩා සහයන් ලබාගෙන තිබෙනව. නමුත් තනිවම හිතල ගොඩ ගිය දෙන්නෙක්. අනිත් දෙන්න මගෙ පෝස්ට් එක කියවලම විතරක් හිතල කරල ගොඩ ගිය දෙන්නෙක්.


ඉතින් ඇයි ඔයාලටත් බැරි???


එකතු වෙන්න. Tyro Club එක්ක. 



මූලිකව කරන්න තියෙන්නෙ දේවල් කිහිපයයි.

  1. සාර්ථක ව්‍යාපාරයක් ඇරඹීම සඳහා හිත ශක්තිමත් කර ගැනීම.
  2. ඒ ගැන සරළ හෝ සැලැස්මක් ගොඩ නඟා ගැනීම.
  3. ඉහත සබැඳියේ ඇති පෝරමය පුරවා මා වෙත එවීම.

එහෙම අපි සාර්ථක අනාගතයක් වෙනුවෙන් එකතු වෙමු.

Tyro කියන වචනෙ ගැනත් කියන්නම්.

Tyro කියන්නෙ Beginner කියන එක. ඒ කියන්නෙ මූලික අවධියේ සිටින කෙනෙක්, නවකයෙක් කියන එක. ඉතින් අපි ඔක්කොම මේ බිස්නස් ලෝකෙට නවකයො.


Sunday, October 9, 2016

30-50%ක ලාභයක් ලැබෙන ඔයාලගෙම ඔන්ලයින් බිස්නස් එකක් ආරම්භ කරන්න



මේ විදිහට බිස්නස් කරන අය ලංකාවෙ ඕනෙ තරම් ඉන්නව. මෙතනත් ඇති. 
ඔයාලටත් අදහසක් අරගෙන දෙයක් ආරම්භ කරන්න මම මේ ලියන්නෙ.

PTC, RevShare, Forex, Ad publishing ගොඩක් දේවල් කරල මේ ඉන්න හුඟක් අය ඩොලර් හොයන්න මහන්සි වෙනව. ඒවායින් අති සාර්ථක උනු අයත් ලංකාවෙ ගොඩක් ඉන්නව. අසාර්ථක උනු අය ඊටත් වඩා ඉන්නව.
මම කතා කරන්න හදන්නෙ physical business එකක් ආරම්භ කිරීම සම්බන්ධව. ලංකාව තුළ ක්‍රියාත්මක කරන.

කෙලින්ම කරන ක්‍රමේටම බහිමු.

අවශ්‍ය දේ:
  1. මිතුරන්ගෙ/නෑදෑයින්ගෙ සම්බන්ධතා
  2. පොඩි මුදලක්
  3. දිනකට පැයකට අඩු කාලයක්
  4. අන්තර්ජාල සම්බන්ධතාවක් හා අන්තර්ජාලයට සම්බන්ධ වීමට පරිගණකයක්
  5. බැංකු ගිණුමක් (Internet banking තියෙනව නම් වඩාත් හොඳයි) (HNB, Commercial, Sampath Recommended)
  6. ඡායාරූප ගත හැකි කැමරාවක් / ෆෝන් එකක්.

ක්‍රමය: 
  1. බිස්නස් එක කරන්න නමක් හදාගන්න. (රෙජිස්ටර් කරන්න ඕනෙ නෑ)
  2. ikman.lk, kaymu.lk, retailgenius.com වගේ අඩවි වල අර නම යටතේ ගිණුම් හදන්න.
  3. මිතුරන්, නෑදෑයින්ට කතා කරල එයාල භාවිත නොකරන, නමුත් භාවිතා කළ හැකි තත්වයේ තිබෙන, එයාල විකුණන්න කැමති උපකරණ, ද්‍රව්‍ය තියෙනවද අහන්න.
  4. ඔයා ඒව විකුණල දෙන්නම් කියල ඒව ඉල්ලගන්න, එයාල බලාපොරොත්තු වන මිලත් අහගන්න. (රු.12000ට ගත්තු dvd player එකකට 12000ක් නම් බලාපොරොත්තු වෙන්න බෑ. අඩුම ගාණෙ 9000ක් වගේ තමා. ඒ නිසා realistic මිලක් කියන්න කියන්න.)
  5. ඒවයෙ හොඳ ඡායාරූප ටිකක් ගන්න. (ඉන්ටර්නෙට් එකෙන් ගන්නත් පුළුවන්, නමුත් භාවිත කළ භාණ්ඩයක් නිසා ඒ රූප භාවිතාවෙදී දෙවරක් සිතන්න)
  6. ඒවයෙ විස්තරයක් අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවන් නම් හොයාගන්න. එහෙම නැති ඒවට හොඳ විස්තරයක් හදාගන්න.
  7. අර උඩ ගිණුම් හදාගත්තු සයිට් වල ඇඩ් පෝස්ට් කරන්න ඔය කිව්ව ඡායාරූප හා විස්තර දාල.
  8. මිල තීරණය කරනකොට, ඒවයෙ දැනට වෙළඳපළ වටිනාකම බලල, ඊට අඩු, නමුත් විකුණගන්න පුළුවන් මිලක් දාන්න.
  9. උදා: ඔයා ගාව තියෙනව මාසයක් භාවිත කරපු DVD player එකක්. මාකට් එකේ රු. 13000යි අලුත්ම එකක්. මේක මිල කරන්න රු. 10000කට වගේ. ඊට වැඩියෙන් දෙන්න බෑ.
  10. ඔය වගේ අයිතිකාරයට ගාණක් දීල, ඔයාටත් ගාණක් තියාගන්න පුළුවන් විදිහට මිල කරල ඇඩ් දාන්න.
  11. ikman.lk එකේ නම් commissions නෑනෙ. නමුත් කතා කරන අය මිල අඩු කරල ඉල්ලයි. එතකොට අඩු කරන්නත් පුළුවන් තරමකට මිලක් දාන්න.
  12. kaymu.lk, retailgenious වල සයිට් එක commission එකක් ගන්නව. ඉතින් ඒ commission එකත් ඔයාගෙ මිලට ඇතුළු වෙන්න ඕනෙ මතක් කරලම.
  13. ඔහොම දාල බඩු ටිකක් විකුණගන්න පුළුවන්.
  14. අයිති කාරයට ගාණක් දීල ඔයත් ගාණක් තියාගන්නව.
  15. හරියට drop shipping වගේ. කීයක්වත් වියදම් වෙන්නෙ නෑ, ඉන්ටර්නෙට් බිල ඇරුනම.
සල්ලි ටිකක් තියෙනව නම් හා / හෝ ඉහතාකාරයට සල්ලි ටිකක් හොයාගත්තට පස්සෙ. 
ලංකාව තුළ තියෙන භාණ්ඩ මිලට ගෙන විකුණන්න පුළුවන් ඔයාට. නැති නම් ebay වගේ අඩවියකින් ගෙන්නල.

ebay ගැන කතා කරමු.
  1. ebay එකෙන් අපි ගේනව mp3 players. අනිවාර්යයෙන්ම retail box එකක් තියෙන්න ඕනෙ. නැතිනම් විකුණන්න අමාරුයි. බැරි නෑ. අමාරුයි.
  2. mp3 player එකක් $3යි කියමු. රු. 435යි.
  3. ලංකාවෙ මේක කඩේ ගන්න තියෙනව රු.900ට විතර.
  4. ඔයා මේව ගෙන්නල ikman එකේ ඇඩ් දාන්න. pickup Rs. 590/=, තැපෑලෙන් ගෙන්වාගැනීමට රු. 700/=, පාර්සලය තැපෑලෙන් මුදල් ගෙවා ලබා ගැනීමට, රු. 750/= ඔය වගේ. කොහොම කළත් මාකට් ප්‍රයිස් එකට වඩා අඩුයිනෙ.
  5. kaymu.lk එකේ ඇඩ් දානව නම් මතක් කරල එයාලගෙ commission rate එකත් මිලට එකතු කරන්න. ඒ කිව්වෙ, electronics වලට commission එක 20%යි නම්, මිල දාන්න රු.700/=ක් වගේ. courier charges මිලට ගන්න කෙනා ගෙවල ගනී.
  6. මෙහෙම කළොත් 30%ක ලාභයක් ලැබෙනව.
හැම භාණ්ඩයකින්ම 30%ක් ගන්න බෑ. මොකද මාකට් එකේ මිලත් එක්ක ගළපන්න ඕනෙ නිසා. නමුත් සමහර දේවල් වලට 50%ක් දක්වා යන්න පුළුවන්.
ඉතින් අපිට වියදම් වෙන ගාණයි, මාකට් එකේ ගාණයි බලලයි විකුණන්න භාණ්ඩ තෝරාගන්න ඕනෙ. 
වැඩි margin එකක් තියාගන්න පුළුවන් භාණ්ඩ තෝරාගන්න. 
ගොඩක් මිල අඩු ඒවයින් ගොඩක් විකිණුනත් ලාභෙ අඩු වෙන්න පුළුවන්. ගොඩක් මිල වැඩි ඒවයෙන් එකක් දෙකක් විකිණුනත් ලාභෙ වැඩි වෙන්න පුළුවන්.
උදා: ඔරලෝසු. මේවයින් 50%කට වඩා ලාභයක් ගන්න පුළුවන් සමහර ඒවයින්. (උදා: රු.180ට ගෙන්නල 300ට විකුණන්න පුළුවන්. රු.120යි ලාභෙ. 
Some Car Accessory. වියදම රු.3500යි කියමු. මේක විකුණන්න පුළුවන් රු.5000කට. රු. 1500ක් ලාභෙ. 
එක අයිටම් එකකින් රු. 1500යි. ඒක හොයන්න ඔරලෝසු 13ක් විකුණන්න ඕනෙ. 
හැබැයි ඔරලෝසු ගොඩක් විකුණන්න පුළුවන්. අනිත් එකෙන් විකුණන්න පුළුවන් ටිකයි. ඒවටත් ගණන් හදල බලන්න.

ඉතින් හොඳම margin තියෙන අයිටම් හොයාගන්න ඕනෙ. එතකොට තමා හොඳම ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්.
  1. FB Fan Page එකක් හදල ඒකට මේ ඔයාගෙ භාණ්ඩ වල පින්තූර, විස්තර, දාල පෝස්ට් හදන්න.
  2. Payhere.lk අඩවියෙ ගිණුමක් හදල ඔය අයිටම් වලට PayNow buttons හදාගෙන ඒ පෝස්ට් එකටම ඒකත් දාන්න. (මතක් කරල Buyer pays courier charges කියල දාන්න. ) එතකොට ෆෑන් පේජ් එකෙන් බඩු මිලට ගන්න කෙනෙක්ට කෙලින්ම මුදල් ගෙවන්න පුළුවන්. හැබැයි ඒ බඩු ඔයා ගාව අනිවා ස්ටොක් තියාගන්න.
  3. මුදලක් ගෙවල ෆෑන් පේජ් එකට ෆෑන්ස්ල ටිකක් එකතු කරගන්න. මතක් කරල හරියට niche එක දෙන්න, නැතිනම් ඒ ෆෑන්ස්ලගෙන් කිසිම වැඩක් වෙන්නෙ නෑ. ලංකාවෙන් විතරක් ෆෑන්ස්ල ගන්න. (එක ලයික් එකකට රු. 5ක් වගේ යයි)
  4. FB එකේ ඔන්ලයින් බිස්නස් පෝස්ට් දාන ගෲප් ගොඩක් තියෙනව. ඒවට ජොයින් වෙලා ඒවයෙ පෝස්ට් දාන්න.
  5. ebay ඔනෙත් නෑ. ලංකාව තුළම තියෙන දේවලුත් වික්කැකි.
  6. උදා: හකුරු.
  7. හොඳ කිතුල් හකුරු හොයාගන්න. ඒව කෑලි විදිහට පැක් කරල හා බෑයවල් දෙකක් විදිහට පැක් කරන්න. පැකට් කරල ලස්සන ලේබල් එකකුත් ගහන්න. (ඔයාගෙ බිස්නස් එකේ නම එක්ක)
  8. ඊට පස්සෙ ලස්සන ෆොටෝ ටිකක් අරගෙන සයිට් වල දාන්න.
  9. courier කරන්න කාඩ්බෝඩ් පෙට්ටි වල දාල.
  10. Courier Services අපිට උදව්වට ගන්නම වෙනව.
සාමාන්‍යයෙන් කොළඹින් භාණ්ඩය අරගෙන කොළඹ තුළම වෙන තැනකර ප්‍රවාහනය කරන්න courier service එකක් රු. 90-200 අතර ගාණක් ගන්නව. බස්නාහිර පළාත තුළම නම් උපරිම රු.250ක් වෙයි. නුවරට වගේ 300-400ක් වගේ හා අනුරාධපුර, මාතර වගේ යවනව නම් රු. 450ක් විතර ගන්නව. (කොළඹින් ආරම්භ කරල)
සමහර courier service එක්ක වැඩ කරන්න බිස්නස් එකක් විදිහට රෙජිස්ටර් වෙලා තියෙන්න ඕනෙ. සමහර ඒවට එහෙම කේස් නෑ. Cash On Delivery කරනව නම් අනිවාර්යයෙන්ම වගේ එයාලත් එක්ක contract එකක් අත්සන් කරන්න වෙනව. නමුත් eDelivers කියන courier service එක එහෙම නැතිවත් කරනව. 
බස්නාහිර පළාත තුළ විතරක් ක්‍රියාත්මක වෙනව නම් eDelivers කියන courier service එක හොඳයි. රු. 200යි. නැති නම් 
DOMEX කියන එක හොඳයි. TNT/AceExpress  කරන්නෙ delivery විතරයි. COD කරන්නෙ නෑ. 
තව ගොඩක් courier services තියෙනව. ඔයාලත් හොයල බලන්න. 

ඉතින් මේ දේවල් වලින් අදහසක් ගන්න පුළුවන් ඔයාලට. ඊට පස්සෙ තියෙන්නෙ ඔයාලගෙ උත්සාහය හා නිර්මාණශීලිත්වය.
ඉහළටම යන්න පුළුවන් මේ විදිහට ආරම්භ කරල හරියට කරගෙන ගියොත්. 


තව දෙයක් තියෙනව.
මෙච්චර දේවල් කරන්න බැරි නම් ඒ දේවල් කරන කෙනෙක්ට භාණ්ඩ supply කරන්න අතරමැදියෙක් විදිහට උනත් ඔයාට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒක ඉතින් field එකේ වැඩි වෙලාවක් ගත කරන්න ඕනෙ ජොබ් එකක්. 

උත්සාහ කරන්න. අනිවාර්යයෙන්ම ජය ගන්න පුළුවන්. 
ඕනෙ නම් හැකි උදව්වක් කරන්නම්. 

මේ ලිපිය සම්බන්ධයෙන් අදහසක් දැක්වීම සාමාජිකයින් සියළු දෙනාගෙන්ම මම බලාපොරොත්තු වෙනවා.


UPDATE - 20/10/2016
මේක කියවපු අය බිස්නස් එකක් ආරම්භ කළා නම් මට comment  කරන්න ෆේස්බුක් profile url එකත් එක්ක. තවත් උදව් කිරීමට මම සූදානම්. මෙහෙම බිස්නස් එකක් ආරම්භ කරන්න කැමති අයත් අදාලයි. හැබැයි වැඩේ පටන් ගන්නම ඕනෙ. නිකං ආවට ගියාට වැඩක් නෑ.

දැනට තිදෙනෙක් කියල තියෙනව එයාල සාර්ථක ආරම්භයක් අරගෙන කියල. 

එක්කෙනෙක් සතියක් යන්න ඉස්සෙල්ල රු. 12000කට වඩා උපයල (ලාභයම). 
දෙවැන්න දවස් දෙක තුනකින් රු.4000ක පමණ ඕඩර් ලබාගෙන. 
තෙවැන්නා කරන්න ට්‍රයි කරල අතෑරල තිබ්බ බිස්නස් එක ආපහු පටන් අරගෙන දවස් 3-4කින් ඕඩර් 5ක්ම අරගෙන. 



ඔයාලටත් එහෙම සාර්ථක වෙන්න පුළුවන්. එන්න එකතු වෙන්න. 


===============================

මාත් එක්ක එකතු වෙන්න කැමති අය පහත ෆෝර්ම් එක පුරවල එවන්න.
https://docs.google.com/forms/d/e/1FAIpQLSfitUCAHcdb3l8RDl7AySJVH68kuAxahGqC3jaX0rTCDvI1IA/viewform
එතකොට මේ ලිපිය විතරක් නෙමෙයි, ඊට වඩා ගොඩක් උපදෙස් හා සහය ලැබෙයි.