Monday, March 30, 2015

බ්ලොග් වසන්තය

මේක අලුත් වැඩසටහනක්. තවත් බ්ලොග් සැණකෙලියක් නම් නෙමෙයි.
බ්ලොග් ලියන කට්ටිය මුණගැහිල සෙට් වෙන්නෙ නම් නෑ. නමුත් ඔන්ලයින් සෙට් වෙන වැඩක්.



මේක පටන් ගත්තෙ, අපේ සිංහල බ්ලොගෝලයේ මුල් කාලයේ හිටපු බ්ලොග් ලියන්නො ටික ආපහු බ්ලොග් පෝස්ට් එකක් දෙකක් හරි ලියන්න, එයාලගෙ බ්ලොග් වල අලු ගසා දාල ගන්න පොළඹවන්න.

මේ තියෙන්නෙ මේකෙ, හේතු පාඨය,

සූර්‍යා මීන රාශියේ සිට මේෂ රාශියට පැමිනෙන සුභ වෙලාවේදී සිංහල බ්ලොග් වසන්තයක් යළි උදා කිරීමට එකී මෙකී නොකී තරුණ මහළු සියළුම බ්ලොග් කරුවන් එකතු කරගෙන සිදු කරනා මහා බ්ලොග් මංගල්‍යය.......!
අයියලා, මල්ලිලා,අක්කලා නංගිලා, මචංලා, මචීලා, ඇන්ටිලා අංකල්ලා ..... අර ඕල්ඩ් බෝයිස්ලා, ගර්ල්ස්ලා අවුරුද්දකට සැරයක් වගෙ සෙට් වෙලා ක්‍රිකට් ටූනමන්ට්, නෙට්බෝල් ටූනමන්ට් තියෙනවා වගේ අපි මේ පරන බ්ලොග් කාරයෝ ටිකක් එකතු වෙලා ලියමුද බ්ලොග් පෝස්ට් දෙක තුනක් සිංහල අවුරුද්දත් අල්ලලා.....?

ඔන්න එහෙමනම් නමෝ විත්තියෙන් 2015, අප්‍රේල් 8 - 15 ත් අතර සතිය ඇතුලේ පුළුවන් තරමක් ගුණාත්මක පෝස්ට් ප්‍රමාණයක් කරන්න ඕනෙම මාතෘකාවකට අදාලව. ඒ හැම පෝස්ට් එකක්ම මේ ගෲප් එකේ පබ්ලිශ් කරමු. බ්ලොග් වසන්ත සතිය ඇතුලත පොඩි බ්ලොග් රෝලක් තම තමන්ගේ බ්ලොග් එකේ ඇඩ් කරගමු මේ පෝස්ට් ඔක්කොම එකතු කරලා.....!

ඉතින් ඔන්න ඕකයි කතාව.
අපේ පරණ බ්ලොග් කාරයොන්ට ඔන්න ආරාධනා කොරනව මේ වැඩේට.

ඔය කිව්ව ගෲප් එක තමයි මේක.


කාලාන්තරය : අප්‍රේල් 8 - 15 දක්වා
වේලාව : ඔය දවස් අටේම හැම වෙලේම


ප. ලි: ලිපියේ තිබෙන දේ වලින් සමහරු හිතල තිබෙනවා මේ වැඩේට සම්බන්ධ වෙන්න පුළුවන් පරණ බ්ලොග් ලිව්ව කට්ටියට විතරයි කියල. එහෙම එකක් නෑ, ගුණාත්මක ලිපියක් ලියන්න හැකි ඔබ සැමට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්.



බ්ලොග් වසන්තය වෙනුවෙන් ලියවෙන සියළු බ්ලොග් ලිපි කියවන්න "ලක් දැල බ්ලොග් කියවනය"ට යන්න.

Thursday, March 5, 2015

"Fiverr සිංහලෙන්" - Fiverr වෙත සරළ ප්‍රවේශයක්


Freelancing කියන්නෙ ලංකාවෙ තරුණ ප්‍රජාව පොඩියට හා ලොකුවට සම්බන්ධ වෙලා ඉන්න, කීය කීය හරි ඩොලර් ටිකක් හොයාගන්න සාර්ථකම ක්‍රමයක්. 
ඒවා අතරින් Fiverr කියන්නෙ අතිශය ජනප්‍රිය වෙබ් අඩවියක්. මේ අඩවියේ විශේෂත්වය තමයි තියෙන්නෙ පොඩි පොඩි ප්‍රොජෙක්ට් හා ඒ කොයිවගෙත් මිල වෙන්නෙ ඩොලර් 5ක් වන එකයි.
ඉතින් සරළ ප්‍රොජෙක්ට් නිසා හා පහසුවෙන් කළ හැකි ඒවා තිබෙන නිසා මෙය හුඟක් ජනප්‍රිය වෙලා තිබෙනවා. 
මෙම අඩවියේ ගිණුමක් සාදා ගැනීම පහසු වුවත්, මෙහිදී ප්‍රොජෙක්ට් ලබා ගැනීම හා තම ගිණුම සාර්ථකව පවත්වාගෙන යාම සමහරුන්ට පැටලිලි සහගතයි. 
මේ ගැන ගොඩක් බ්ලොග් වල ලිපි ලියවිලා තිබෙනවා. 
මම අද ඔබට කියන්නට යන්නේ LKMarketer විසින් රචනා කර නොමිලේම බෙදා හැරෙන පොත් පිංචක් ගැනයි. මෙහි Fiverr ගිණුමක් සාදා ගැනීම හා ඊට පසුව ගිණුම සාර්ථකව පවත්වාගෙන යාමට අවශ්‍ය කරන උපදෙස් ඉතා සරලව හා පැහැදිලිව දක්වා තිබෙනවා.
ඉතින් ඔබ Fiverr එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා නම් හා සම්බන්ධ වෙලා අසාර්ථක වෙලා ඉන්නව නම් මෙම පොත් පිංචේ අන්තර්ගතය ඔබට ගොඩක් සහයක් වේවි.


ඉතින් මෙතනින් ගිහිල්ල මෙම වටිනා පොත් පිංච ලබාගන්න.
http://hstr.gq/wp/

Facebook fanpage එක
https://www.facebook.com/lkmarketer

Facebook Group එක
https://www.facebook.com/groups/lkmarketer/

බ්ලොග් එක
http://lkmarketer.blogspot.com

UPDATE:
ඉහත සබැඳීයන් ක්‍රියාකාරිත්වයේ නැති බව කිහිපදෙනෙක් විසින් පවසන ලදී.
පහත සබැඳියෙන් උත්සාහ කරන්න.
http://www.mediafire.com/file/h77179y0bkydy2o/Fiverr-Sinhalen.pdf

UPDATE:
විවිධ පුද්ගලයින් විවිධ නම් ප්‍රකාශ කරමින් අසැබි වදන්ද සමඟින් මෙහි කමෙන්ට් පළ කර තිබුණා. මම මෙහි මුදලට විකුණන වෙනත් කිසිවෙකුගේ ඊ බුක් පළ කරන්නේ නෑ. මගෙම නිර්මාණ හෝ නොමිලේ බෙදාහැරෙන ඊ බුක් පමණයි පළ කරන්නෙ. ඒ නිසා කරුණාකරල ඉල්ලා සිටිනවා විවිධ අයගේ නම් ප්‍රකාශ කරමින් නරක කමෙන්ට් පළ කිරීමෙන් වළකින ලෙස.