Tuesday, February 17, 2015

පොතක් ලියන අදහස ගැන අදහස්


මට ඉතින් කාලාන්තරේක ඉඳන් තියෙන ආසාවක්නෙ පොතක් ලියන එක. ඒත් තාම ඒක කරගන්න බැරි උනා. (නොමිලේ දෙන පොතක් නෙමෙයි, මිලට දෙන පොතක්) 
අපි අපේ දැනුම නොමිලේ කොතරම් බෙදල දෙනවද. ඒවායින් අපිට කොතරම් හිතට සතුටක් දැනෙනවද. ඒව කියවල ඒවායින් සහයන් අරගෙන ස්තුති කරන අයත් කෙතරම් ඉන්නවද. නේද? ඉතින් නොමිලේ දෙන්න වෙන මහන්සියට වඩා මහන්සියක් වෙලා දැනුමට පොඩි මිලක් නියම කරන එක ගැන නරකක් හිතන්නත් එපා, හොඳද. 

නොමිලේම බෙදා හැරුණු පොඩි පොත් පිංච දෙකක් නම් ලිව්වනෙ. ඔයාල දන්නව ඇතිනෙ. 


ඒ දෙක නම් ඉතින් නැගල යනව. ට්‍රැෆික් පොතේ මම එක් සංස්කරණයකුත් සකස් කරල ඔයාලට දුන්නනෙ. මුල් එක හා පළමු සංස්කරණය ගත්තම මේ වෙනකොට දෙකම භාගත කරගත්තු පිරිස 2000කට වැඩියි. පොතකින් පිටපත් 2000ක් කියන්නෙ ඉතින් පොඩි ගාණක් නෙමෙයිනෙ නේද?

දෙවන එක ගත්තොත්, මම පොත හදන එකත් එක්කම අලුතින් බ්ලොග් අඩවියකුත් ආරම්භ කළානෙ "වෘත්තීය මාර්ගෝපදේශනය" සම්බන්ධව. ඒ පොත් පිංච මේ වෙනකොට භාගත කිරීම 600 ඉක්මවා යමින් තිබෙනවා.

ඉතින් ඇත්තම කිව්වොත් ඒ නොමිලේ ලබා දුන්නු පොත් පිංච දෙක මගෙ හිතට අනුව ගොඩක් සාර්ථක උනා. 

ට්‍රැෆික් ගැන පොත සම්බන්ධව ගොඩක් අදහස් මට ලැබුණ. ඉතින් ඒ පොත නම් සාර්ථකයි කියල මට හිතෙනව. නමුත් ඇත්තටම වෘත්තීය මාර්ගෝපදේශනය පොත සාර්ථකද කියල මට එතරම්ම ශුවර් නෑ. ඇයිද කිව්වොත් ඒක බලාගන්න විදිහක් නෑ. මොකද මට ඒ සම්බන්ධව ලැබුණු අදහස් අතිශය අවමයි. කියවපු අය පවා අදහස් දැක්වුවෙ හරිම අඩුවෙන්. 

මට පොතක් ලියන්න අදහස් කිහිපයක් තිබුණ මගෙ දැනුම් පරාසයත් එක්ක. (මගෙ අධ්‍යාපනික දැනුම පැත්තෙන් ඒ කිව්වෙ Engineering related පොත් ලියන්න නම් මගෙ අදහසක් නෑ, මොකද ඒ දැනුම උගන්නන්න තරම් ඉහළ නෑ.) ඉතින් මම කිව්ව විෂය පරාස තමයි, 
  1. කොටස් වෙළඳපළ
  2. ඡායාරූපකරණය
  3. වෙබ් ට්‍රැෆික්
  4. අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම
  5. වෘත්තීය මාර්ගෝපදේශනය

මේව සළකළ බැලුවම මට තේරෙනව අංක 2 ටිකක් අමාරුයි (මගෙ බ්ලොග් එක නම් ඔයාල දන්නව ඇතිනෙ? PhotographyLK, අංක 3, 4 ගැන අන්තර්ජාලයේ තොරතුරු එමටයි, හැබැයි අංක 3 ගැන මම ලිව්ව පොත් පිංච නම් සාර්ථකයි. අංක 4 සම්බන්ධව මම ලිව්ව පොත් පිංචටත් ලැබුණු අදහස් අඩු නිසා ඒකත් එතරම්ම මාකට් වෙන එකක් නෑ කියල හිතෙනවා. අංක 1 ගැන මම තවමත් හිතනව. හිතන එක නවත්තල පොඩි සැකැස්මක් කරගෙනත් යනව ඇත්තම කිව්වොත්. ඒක නම් සාර්ථක වෙන්නත් ඉඩ තිබෙනවා. මොකද මගෙ Guide To CSE බ්ලොග් එක වසර ගණනකින් යාවත්කාලීන කරල තිබුණෙ නැතත් ඒකට තාමත් හොඳ ට්‍රැෆික් එකක් එන නිසා. 

මගෙ බ්ලොග් එකේ පාඨකයන් විදිහට ඔයාලට යම් අදහසක් තිබෙනවා නම් මට සහය වෙන්න. පොතක් ලියන්න මට හැකියාව තිබෙනවා කියල ඔබ සිතන විෂය පරාසයක් පෙන්වා දෙන්න. 

එහෙනම් ස්තුතියි.

Sunday, February 8, 2015

අලුත් බජට් එක හා ත්‍රීවීල්/බස් ගාස්තු


ඔන්න ඉතින් අලුත් බජට් එකෙන් පෙට්‍රල් ඩීසල් මිල අඩු උනාලුනෙ.
ඒ නිසා කට්ටිය කතා වෙලා ත්‍රීවීල් ගාස්තු අඩු කළා. බස් ගාස්තු අඩු කළා. 

මාර කේස් එක කියන්නෙ දැන් කොන්දොස්තරලයි ත්‍රීවීල් කට්ටියයි කියන විදිහට ඉස්සර තිබ්බ ගාස්තු ඉස්සර තිබ්බ ගාස්තු වලට වඩා වැඩියිලු.
තේරුනේ නැද්ද මන්ද. 

මගෙ ගෙදර කට්ටියට උනු සත්‍ය උදාහරණ දෙකක් ගන්නම්.

  1. බජට් එකට ඉස්සෙල්ල අපේ ගෙදර ඉඳල බස් එකේ කොට්ටාවට යන්න ටිකට් එක රු.34යි. (ඒ කියන්නෙ ඉතින් 35යිනෙ, මොකද ඉතුරු රුපියල ඉතින් උන්ගෙ සාක්කුවටනෙ) බජට් එකෙන් පස්සෙ ඒ දුර යන්න ටිකට් එක රු.35යිලු!!! එතකොට ඉස්සෙල්ල ගාස්තුව??? ඒක රු.37යිලු. 37 දැන් 35ට අඩු වෙලාලු. 
  2. ඉස්සර පාදුක්කෙ ඉඳල අපේ ගෙදරට ත්‍රීවීල් ගාස්තුව රු.100යි. බජට් එකෙන් පස්සෙ ඒක රු.100-120 අතර ගාණක් වෙලා. එතකොට ඇහුවම "ඉස්සෙල්ල රු.100යිනෙ දැන් අඩු නැද්ද?" කියල. උන් කියනවලු කොහෙද 100ට ගියේ කියල. දැන් 100 කියන එකා කියනවලු ඉස්සර 120යි කියල. දැන් 120යි කියන එකා කියනවලු ඉස්සර 140යි කියල. තව ඌ ගණං හදන්නත් එනවලු. 


මොකාටද ඉතින් මේව කියන්නෙ.

එතකොට බජට් එකෙන් අපිට ඩබල් පාඩු, ත්‍රීවීල්/බස් කාරයින්ට "ඩබල් වාසි".

අනේ කාලේ වනේ වාසේ කිව්වලු. :D