Saturday, October 31, 2015

Widgets

මහතෙක් යයි කිව හැකි කොන්දොස්තර මහතෙක්


කොන්දොස්තර කිව්වම බස් වල යන ඕනෙ කෙනෙක්ට මතක් වෙන්නෙ "මොකද ඔතන නැවතිලා ඉන්නෙ, ඉස්සරහට යන්න", "ඔය මැද නැවතිලා ඉන්න මල්ලි, ඉස්සරහට යන්න", "ඔතනින් පස්සට යන්න" වගේ කතා කරුණාවෙන් නෙමෙයි සැර වැර දාල කතා කරන පුද්ගලයින් කණ්ඩායමක් නේද?
ඊට පස්සෙ, ඉතුරු නොදී මඟ ඇරල, අපි බහින තැන ලං වෙනකොට ඉතුරු ඉල්ලන්න කොන්දොස්තර හොයාගෙන බස් එකේ එක කෙළවරක ඉඳන් අනිත් කෙළවරට සෙනඟ මැද්දෙන් පීරගෙන යන්න වෙන අවස්ථා ඕනෙ තරම් ඔබ හැමෝම අත්විඳල ඇතිනෙ? නේද?

අද මම කාලෙකින් බස් එකක ගියා. ගෙදර ඉඳල කොළඹට. 122 අවිස්සාවේල්ල පිටකොටුව බස් එකක. 
මම නැග්ග බස් එකේ කොන්දොස්තර මහතා ගැන තමයි මේ කතාව.
ඔහුගේ කතා විලාසය හරිම අපූරුයි. හරිම මිත්‍රශීලී. "ඔය ඉස්සරහ ඉන්න මල්ලිය තරහ නැතිව පොඩ්ඩක් ඉස්සරහට යමුද පුතේ", "ඔය චූටි මහත්තය ඔතනින් පොඩ්ඩක් ඉඩ දෙනවද" වගේ තමයි මේ කොන්දොස්තර මහතා බස් එකේ යන අයට කතා කරන්නෙ.
"මල්ලිල ඉතින් ඉස්සරහට යන්නෙ ගෑණු ළමයි කවුරුහරි හිටියොත්නෙ නේද, ඒ ඉතින් එයාලගෙ හැටිනෙ" කියල විහිලුවෙන්ම කියනව එක වෙලාවක. 
ඉතිරි දෙන්න තියෙන අය හොයාගෙන බස් එකේ ඉස්සරහ ඉඳල පස්සට ගිහිල්ල ඉතිරි දෙනව. සමහරුන්ට මතක නෑ තමන්ට ඉතිරි ගන්න තියෙනව කියලත්. මෙයාම කතා කරල "මෙන්න මල්ලි ඔයාගෙ ඉතිරි සල්ලි" කියල ඉතුරිය දෙනව. එක් වරක් බස් එකෙන් පිරිමි ළමයෙක් බැස්ස, මෙයා කෑගහල ඒ මල්ලිට කතා කරනව, "මල්ලී, ඔයා ඉතිරි ගත්තෙ නෑ නේද?" කියල බස් එකෙන් බැස්ස කෙනාටත් කතා කරල ඉතුරු සල්ලි දුන්න.

මට එවෙලෙම හිතුන මේ කොන්දොස්තර මහත්තය ගැන නම් පොඩ්ඩක් කියන්නම ඕනෙ කියල. 
ඉහළින් තියෙන්නෙ ඔහුගේ ඡායාරූපයක් නම් නෙමෙයි, මම අන්තර්ජාලයෙන් සොයාගත්තු එකක්. 

මෙහෙම කොන්දොස්තරල සුහදශීලීව, මිත්‍රශීලීව කතා බහ කරනව නම්, අපහසුවෙන් උනත් මිනිස්සු බස් වල යයි බැණ අඬගහන්නෙ නැතිව. 

12 comments:

  1. මිනිසුන්ගේ නරක පැත්ත ගැන කතා කරනවට වඩා මිනිසුන්ගේ හොද පැත්ත කතා කරන එක කොතරම් ලස්සනද.සුබපතනවා මාධව අයියා මේ වගේ දේවල් තව තවත් ලියන්න.

    ReplyDelete
  2. ඇහුවමද මන්ද 122 පාරෙ ඔහොම කෙනෙක් ගැන.සන්තෝසයි

    ReplyDelete
  3. ඔය වගේ මිනිස්සු ඉන්නවනම් බස් වල යන්නත් ආසයි

    ReplyDelete
  4. හ්ම්ම් උදේම්ම වැඩට යනකොට අගේ ලේ වතුර කරවලා යක්ශාරූඩ කරන ය අතරේ මේ වගේ අයත් ඉන්න එක ලොකු දෙයක්, මම නම් ඉතින් හැමදාම එකම බස් එකේ යන හින්දා ඒ කුකුලගේ කරමලේ දැන් සුදුයි. අනිත් මාවියාව තමා ට්‍රැවල් ටච් කාඩ් බොරුව, බස් එකේ බෝඩ් එක ගහල තිබ්බට කොන්දා අතේ මචින් එක නෑ,

    ReplyDelete
    Replies
    1. Touch Card එක නම් බොරුවක්ම වෙලා. ඇයි ඉතින් ඒකෙන් බෑනෙ කොන්දොස්තරලට ඉතිරි සල්ලි නොදී ඉන්න. :)

      Delete
  5. 122 මාත් යන බස් එකක් බලමු මේ කියන වගේ කෙනෙක් කවද හරි 122 බස් එකේ හම්බුනොත් මට මේ බ්ලොග් පෝස්ටුව මතක් වේවි :)

    ReplyDelete
  6. දාහක් අතරේ ඒකෙක් දෙන්නෙක් ඉන්නවා.... මිනිස්සු...............

    ReplyDelete
  7. ඉස්සර අපේ පලාතෙත් හිටිය ඔය වගේ කොන්දොස්තර කෙනෙක් හැමෝම එයාට කතාකලේ කලු අයිය කියල.. හැබැයි ඉස්සරහට යන්න පස්සට යන්න කියල මිනිහ කියන්න ඕන නෑ මිනිස්සු යනව.. මොකද මිනිහගෙ කට හොඳ වගේම විහිලුවෙන්ම දෙනව පොලොව පලාගෙන යන සයිසි ටෝක් සමහර වෙලාවට..

    ReplyDelete
  8. කලාතුරකින් ඉන්නවා ඔය වෙග් මිනිස්සු

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.