Sunday, September 20, 2015

Widgets

පොත් ප්‍රදර්ශනය බලන්න යනවාද? උපදෙස් ටිකක්

මුලින්ම කියන්න ඕනෙ, මේ උපදෙස් මම කොපි පේස්ට් කල ඒව ටිකක්. මනෝරම වීරසිංහ අය්ය මුහුණු පොතේ දාල තිබ්බ එකක්. නමුත් ඒක සිය ගුණයක් වටින නිසා ඒකම බෙදාගන්න හිතුවා. 

කෑම පුලුවන් නම් පිටින් අරං යන්න... ඉතාම දියාරැ, මස්කට්ටක් දාපු බත් වේලක් BMICH කැන්ටිමෙන් කන්න පැය භාගයක් පෝලිමේ ඉන්න වෙනවා.. වතුර බෝතලයක් අරං බැක් පැක් එකක දාගෙන යන්න.. ලැප් එක අයින් කරල.. මොකද අත රිදෙනවා නැත්තං..
නූඩ්ල්ස් කන්න එපා! බාගෙට තම්බල දෙන්නෙ හදිසිය නිසා.. වරක් කල් ඉකුත්වූ නූඩ්ල්ස් දාලා අහුවුණා.. ඒවා කාලා විදවන පාඨකයෙක් තමා මම.. කොකාකෝලා වල ප්‍රමිතිය පවා ඔතනදි බාලයි.. ඒ නිසා දෙපාරක් හිතන්න...
පර්ස් එකේ විතරක් නැතුව සල්ලි කිහිප පොළක තියාගන්න.. ඒ වගේම ATM ගැන වැඩිය විශ්වාසය තියාගන්න එපා. සල්ලි අතේ අරං යන්න.. සම්පත් ක්‍රෙඩිට් කාඩ් එක අමතර 5%ක් දුන්නට වැඩක් නෑ.. හේතුව 30% වට්ටම් දෙන තැන් වලින් කාඩ් එකෙන් ගෙවද්දි දෙන්නෙ 25%යි!
පුලුවන් තරම් හවස් වෙලා යන්න... තදබදය, විඩාව, පෝලිම් යන තුනම අඩුයි. රෑට ස්ටෝල්වල සෙනග නැහැ.. නිදහසේ තෝරන්න පුලුවන්...
දවස් දෙකක් යෑම තමා නුවණට හුරුම දේ. පළවෙනි දවසේ සැලසුමේ තියෙන සියලුම කුටි වලට ඔලුව දාන්න.. ප්‍රධාන කුටි වලට ඔලුව දාන්න ඕනි අන්තිමට.. මොකද ඒවට හිරවුණාම එලියට එන්න බෑ..
දෙවෙනි දවසෙ යද්දි යාලුවෙක් එක්කං යන්න.. තනියම යෑම හරිම බෝරිං..
නිරන්තරයෙන් බිල පිරික්සා, ඉතිරි මුදල් නිවැරැදිද බලන්න..මොකද කාටත් වරදිනවා...

නියමිත පරිදි වට්ටම් ලැබුණාද කියල බලන්න..
පොත මිලයට ගන්න කලින් වට්ටම ගැන විමසා සිටින්න.. සල්ලි ගස්වලින් කඩන්නෑනෙ නිකං පුදල එන්න... හැමවිටම පොත මුල් ප්‍රකාශකයගෙන්ම ගන්න බලන්න. එවිට වට්ටම වැඩියි...

උදාහරණයක් විදියට සුරස ප්‍රකාශන ආයතනය සිය කෘති වලට දෙන 30% වට්ටම, එළියෙ තියෙන වෙනත් ප්‍රකාශකයන්ගෙන් ගන්න බෑ.. ඒ අය දෙන්නෙ 20%යි.. මොකද ඒ අයට පොතක් දාන්නෙ 40%ක වට්ටමකට.. ඉතින් පිට පොතක් විකිණීමෙන් කුඩා ප්‍රකාශකයන්ට ලැබෙන්නෙ 20%ක ලාභයක් පමණයි.
පොතක් ගනිද්දි පිටු නිවැරැදිව මුද්‍රණය වෙලාද බලන්න.. මොකද, ප්‍රදර්ශනය ලංවෙලා මුද්‍රණාලවලින් පොත් එන්නෙ උණු උණුවෙ ආප්ප වගේ..හදිසියට ගැදරින්, බයින්ඩින්, කටිං වල දෝෂ ඇතිවෙන එක අතිශයින් ස්වාභාවිකයි.. මොකද සල්ලි දීලා පොත ගන්න ඕබ ඉන්නෙ කහටගස්දිගිලියෙ, මොණරාගල නම්, ආයෙ කොළඹ ඇවිත් ඕක මාරු කරන්න ඔබට දාස් ගාණක් වැය වෙනවා..
හැම විටම බිල්පත ලග තියාගන්න.. මොකද එකම පොත වෙන වෙන තැන්වල තියෙන නිසා පරීක්ෂා කරොත් ප්‍රශ්න ඇතිවෙනවා.. ඊයේ මට තෑගි වශයෙන් ලැබුණු පොත් ගැනත් ඒ ගැටලුවම ඇතිවුණා..

හෙට (සඳුදා) යනව නම් මගෙන් උපදෙසක්. 
හෙට මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ Convocation එක. ඉතින් උදේ ඉඳල හවස් වෙනකම් ඒක නිසා BMICH එක පැත්ත හුඟාක් කාර්යබහුව වෙයි. පාකිං අමාරු වෙයි, ට්‍රැෆික් කිහිප ගුණයකින් වැඩි වෙයි. 
ඒකත් හිතන්න.

වසර කිහිපයකට පෙර නම් මම පොත් ප්‍රදර්ශනය වෙනුවෙන් ලිපි ලිව්ව, දැන් නම් පොත් කියවෙනව ගොඩාක් අඩුයි. :(

8 comments:

  1. පහුගිය අවුරුදු දෙකේම යන්න බැරි වුණා. මේ අවුරුද්දෙ නම් කොහොමහරි යනවා. අන්තිම දවසෙ හරි. ගන්න ඕනෙ පොත් ලැයිස්තුවකුත් කලින්ම හදා ගත්තා.

    ReplyDelete
    Replies
    1. කවද්ද එන්නෙ?
      27 ඉරිද වෙනකම් තියෙනව.

      Delete
  2. Replies
    1. එයා පොත් ප්‍රකාශකයෙක්.

      Delete
  3. BMICH එකට පොත් නෙමෙයි මොන වැඩකට ගියත් කෑම පිටින් ගෙනියන එක තමයි හොඳ. කෑමවල ගණන් බොහෝම වැඩී. ඒවගේම සමහර තැන්වල කෑම බල්ලෙකුටවත් කන්න බෑ. BMICH කැන්ටිමේ පරිප්පුයි බීටුයි බතුයි දීලත් 250ක් ගත්තා එක පාරක්.

    ගිය අවුරුද්දෙ කොකාකෝලා කෝප්පෙ 100 උනාට මේ පාර 40ට තිබුනා. මම බොන්න දෙයක් නැති තැන එකක් බිව්වා.

    //පර්ස් එකේ විතරක් නැතුව සල්ලි කිහිප පොළක තියාගන්න..// ඒක නම් කළා.

    //දවස් දෙකක් යෑම තමා නුවණට හුරුම දේ.// වෙන්න ඇති. ඒත් මම මේ පාර ඔක්කොම පොත් ගත්තෙ පැය දෙකෙන්. ලිස්ට් එකක් හදාගෙන ගියා. ගත්තා. වැඩියෙන්ම ගත්තෙ පුංචි ළමයෙකුට තෑග්ගකට දෙන්න. ඒකයි හදිසියේම ගන්න උනෙත්.

    //නියමිත පරිදි වට්ටම් ලැබුණාද කියල බලන්න..// බැරිවුණා.

    //පොත මුල් ප්‍රකාශකයගෙන්ම ගන්න බලන්න// ඒ විදිහට කරා.

    //පොතක් ගනිද්දි පිටු නිවැරැදිව මුද්‍රණය වෙලාද බලන්න// බැරිඋනා. ගත්තු පොත්වලින් ගොඩක් ඒවා තෑගි දීලා ඉවරයි.

    //මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ Convocation එක// පීඨ විදිහට නෙමෙයිනෙ කන්වකේශන් තියෙන්නෙ.

    මේ කාරණා ටික මෙතනට දාපු එක වටිනවා. බුකියට යන්න පුළුවන් වෙච්ච වෙලාවක මේ කරුණු ගොනු කරලා ලිපියක් දාන්න කියලා ඒ සමූහයෙන් ඉල්ලීමක් කරන්නයි හිටියේ.

    ReplyDelete
  4. වටිනවා. ඇතුලේ පාකින් තියෙනවා නේද? අයකිරීම් කොහොමද කියල දාල තිබ්බේ නැද්ද කොහෙවත්?

    ReplyDelete
  5. Parking free නේද? මම නම් ඕකට ගියපු කාලයක් මතක නෑ.

    ReplyDelete
  6. මම නං ගිියා .20.පොත් වලට වඩා මිනිස්සු හිටියා...හොඳ පොතුත් තිබ්බා..මේකටම කියලා අවුරුද්දක් තිස්සෙ සල්ලි වෙන් කොරාන ඉඳලත් නොගිහින් ඉන්න පුළුවනෑ..මාත් කෝක් ස්ප්‍රයිට් බීවා.වත්ර බෝතලයක් නං ඉතින් ගෙයින් එලියට යන ඕනම ගෑල්ලමයෙක්ගෙ බෑක්කෙකේ තියන දෙයක්නේ

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.