Wednesday, February 19, 2014

මම කැමතිම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ලිස්ට් එක - 1

ඇන්ඩ්‍රොයිඩ් දැන් නැගලම යන OS එකක් වෙලානෙ. ඉතින් දැන් බොහොමයක් දෙනා භාවිතා කරන ෆෝන් ඇන්ඩ්‍රොයිඩ් ඒව වෙලා. ඉතින් මමත් ඒ ජාතියෙන් එකක් ගන්න ඉන්නෙ. තාම නම් ගත්තෙ නෑ. නමුත් මම BlueStacks App Player කියන මෘදුකාංගය භාවිතා කරල ඇන්ඩ්‍රොයිඩ් අත්දැකීම් ලබා ගන්නව, සහ ඇප්ස් ටෙස්ට් කරල බලනව. 
ඉතින් මම හිතුව කාටත් ප්‍රයෝජනවත් වෙයි කියල් හිතෙන ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග ලිස්ට් එකක් දෙන්න. 

මේ සියළුම මෘදුකාංග Google Play Store හරහා භාගත කරගන්න පුළුවන් ඒව.


මේක ගැන ඉතින් කතා කරන්න දෙයක් නෑනෙ. ලෝකයේ දැන් තිබෙන ජනප්‍රියම වෙබ් බ්‍රවුසරය මේකනෙ.


මේක ගැනත් කියන කිසිම දෙයක් නෑනෙ. මේක නොදන්න කෙනෙක් ඉන්නව කියල මම හිතන්නෙ නෑ.


ඔෆිස් වැඩ කරන්න ගැළපෙන මෘදුකාංගයක්. MS office ගොනු මේකෙන් එඩිට් කරන්න, හදන්න පුළුවන්. ගූගල් එකෙන්ම දෙන මෘදුකාංගයක්.

භාවිතය ඉතාම පහසු, ගූගල් වෙතින්ම ලබා දෙන ෆයිල් හොස්ටිං සේවාව.

වීඩියෝ / වොයිස් චැට් කරන්න, ලෝකයේ වැඩිමදෙනෙක් භාවිතා කරන මෘදුකාංගය.

ෆෝන් එකේ / ටැබ් එකේ තියෙන තාවකාලික ෆයිල්, කෑශ් ඒව මේව කුණු ගොඩවල් සුද්ද කරන්න කියාපු සොෆ්ට්වෙයා එක.

මේක ෆයිල් බ්‍රවුසර් එකක්. සාමාන්‍ය ෆෝන් එකේම තියෙන ෆයිල් බ්‍රවුසරයට වඩා දියුණු හා සංකීර්ණ දේවල් කරන්න පුළුවන්. ෆෝන් එක Root කළොත් අනිවාර්යයෙන්ම දාගන්න ඕනෙ ඇප් එකක්.

මේක ඉතාම හොඳ මීඩියා ප්ලේයර් එකක්. බොහොමයක් ෆයිල් වර්ග ප්ලේ කරන්න මේක භාවිතා කරන්න පුළුවන්.

ඔබට නෝට් කරගන්න ඕනෙ දේවල් නෝට් කරල තියාගන්න සුදුසුම ඇප් එක. සියළුම ඇන්ඩ්‍රොයිඩ් උපාංග වලින් ඒ Notes Sync කරන්න පුළුවන්.

Foursuare කියන්නෙ Location Sharing කරන Social Network එකක් කියන්න පුළුවන්. අපිට විවිධ ස්ථාන වලට Chekin වෙන්න, ඒ තැන් ගැන අදහස් දක්වන්න පුළුවන්. මේකට GPS ඕනෙ.

Google Calender එක මමත් ලඟදි තමයි හරියකට භාවිතා කරන්න පටන් ගත්තෙ. ඒක මට ගොඩක් හිතට අල්ලල ගියා. SMS Alerts, Daily Agenda EMail, Calender Event Email වගේ ගොඩක් ප්‍රයෝජනවත් ඔප්ෂන් ටිකකුත් මේකෙ තියෙනව. Google Calender ඔන්ලයින් එකත් එක්ක මේකෙ කැලැන්ඩරය Sync වෙනවා.

ලිස්ට් එක ඉවර නෑ. තව තියෙනව. තවත් ටිකක් තවත් ලිපියකින් දාන්නම්.

Thursday, February 13, 2014

Ingress සෙල්ලම් කළාද?

තවම ගොඩක් අය මේ ගේම් එක ගැන දන්නෙ නැතිවැති. නමුත් මේක 2012 සිට එන ගේම් එකක්. ගූගල් විසින්ම හදවපු ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් ගේම් එකක්. 2013 වසරෙදි හොඳම ගේම් එක විදිහටත් මේක සම්මාන දිනල තියෙනව. 
මේක Real World Reality Game එකක්. GPS හා ඉන්ටර්නෙට් ඕනෙ කරනව ගේම් එක සෙල්ලම් කරන්න.


මේක ගැන විස්තරයක් කිව්වොත් මෙහෙම පටන් ගමු.


පිටසක්වල සිට Exotic Matter අත්භූත ශක්ති විශේෂයක් අපේ ලෝකෙට එනවලු. ඒව පරිසරයට එන්නෙ ප්‍රසිද්ධ ස්ථාන, ප්‍රථිමා, වගේ තැන් වලින්ලු. ඒවට Portals කියල කියනව. ඒව හොඳයි ඒකෙන් මිනිසා දියුණු වෙනව කියල විශ්වාස කරන කණ්ඩායමක් ඉන්නව. එයාලට කියන්නෙ Enlightened කියල. ඒකට විරුද්ධ, ඒක අනතුරුදායකයි කියන තව කට්ටියක් ඉන්නව. එයාලට කියන්නෙ Resistance කියල. 

ඉතින් ගේම් එකේදි කරන්න තියෙන්නෙ මේ පිල් දෙකෙන් එකක් ඔයාලත් තෝරාගෙන ඒ පිලේ අභිමතාර්ථය වෙනුවෙන් වැඩ කරන එකයි. 

සෙල්ලම් කරන හැටි මේ විඩියෝ එකේ සරලව තියෙනව.


අර කිව්ව Portals තමන්ගෙ පිලට නතු කර ගැනීම, ඒවා පවත්වාගෙන යාම, විරුද්ධ පිලේ Portals වලට පහර දීම, එවා අල්ලා ගැනීම සිට තව ලොකු වැඩ තියෙනව. කණ්ඩායම් වශයෙන් එකතු වෙලා සෙල්ලම් කරන්න ඕනෙ ගේම් එකක්. 
හැබැයි මේක ගහනව නම් ඒ ඒ තැන් වලට යන්නම ඕනෙ. ඒ කිව්වෙ Portals වලට පහර දෙන්න, අල්ලා ගන්න, ඒක තියෙන තැනට යන්නම ඕනෙ. 
ලංකාවේ තවම එතරම්ම ජනප්‍රිය නොවුනත්, ලෝකය පුරා ඉතා වේගයෙන් ජනප්‍රිය හා ව්‍යාප්ත වෙමින් පවතින ගේම් එකක්. ලංකාවේ නම් කොළඹ අවට නම ගේම් එක ටිකක් ජනප්‍රියයි, නමුත් ඉන් පිටත ඉතාම අඩු Portals ගණනක් තමයි තවමත් හැදිල තිබෙන්නෙ. 


ඉතින් මමත් මේ ගේම් එක ගහන්න ලෑස්ති වෙන්නෙ. මගෙ යාලුවෙක් මේ ගැන මට මාස 3,4කට කලින් කිව්වෙ. දැක්ක ගමන් මාර ආසාවක් ආව. නමුත් අලුත් ෆෝන් එකක් ගන්න කිසිම උවමනාවක් තිබ්බෙ නැති නිසා ආසාව යටපත් කරගෙන හිටිය. ඒත් දැන් තත්වෙ වෙනස්. එන සතියෙ ෆෝන් එකක් ගන්නව. දැනට මම මේක මගෙ ලැප්ටොප් එකෙ BlueStacks Player දාල ඉන්ස්ටෝල් කරල චෙක් කරන ගමන් ඉන්නෙ. 

ඔයාලත් ට්‍රයි කරල බලන්න. මේකට 512MB RAM එකක් එක්ක 480*800px Screen එකක් තියෙන ෆෝන් එකක් අඩුම තරමින් තියෙන්නෙ ඕනෙ. 1GB RAM තියෙනව නම් කිසිම කරදරයක් නෑ. 
මම තෝරා ගත්තේ Enlightened පිල. ඔයාලටත් මම recommend කරන්නෙත් ඒකම තමයි. :)

විස්තර දැනගන්න, හා ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න www.ingress.com වෙත යන්න. ඔයාලට ගූගල් ගිණුමක් තිබිය යුතු වෙනවා. 

ඉතින්, එකතු වෙන්න ලෝකය දියුණු කරන්න / බේරා ගන්න. මම නම් දියුණු කරන්නයි කැමති. 

මෙන්න ගේම් එකේ ස්ක්‍රීන්ශොට්ස් ටිකක්. ඔක්කොම ගත්තෙ Google Play Store එකෙන්.




එහෙනම් Ingress ලෝකය තුලදී හමුවෙමු.