Photography සිංහලෙන් මුහුණු පොතේ පිටුවක් ඇරඹුවා

.
මම මගෙ "Photography සිංහලෙන්" බ්ලොග් එකට මුහුණු පොතේ පිටුවක් ඇරඹුවා. ඔයාලත් ගිහිල්ල බලන්නකෝ. පොඩ්ඩක් share කරල, සප් එකකුත් දෙන්න අමතක කරන්නෙපා හොඳේ. කැමති අය ඉතින් ෆෑන් කෙනෙකුත් උනාට වරදක් නෑ.




මෙතනින් යන්න.
.


Animatorsලා අවශ්‍ය කර තිබේ.


අපිට මේ දවස් වල ටිකක් ලොකු 3D Animation වෑඩක් සෙට් වෙලා තියෙනව. ඒත් අපිට පොඩ්ඩක්, Animatorsලගෙ අඩුවක් තියෙනව.
කවුරුහරි ඉන්නවද Blender දන්න?
ඔයාල කෑමති නම් මේ වෑඩේට අපිත් එක්ක සම්බන්ධ වෙන්න  කරුණා කරල ඔයාල කරපු පොඩි ඈනිමේශන් ක්ලිප් එකක් හා ඒකෙ .blend ෆයිල් එකත් සමඟ මට මේල් එකක් දාන්න. (madhawa86@gmail)
නිකං නෙමෙයි, වෑඩ වලට හරියන විදිහට ගෙවීමක් කරනව.



වෙබ් පිටුවක් PDF කරන්න ගැජට් එකක් වෙබ් පිටුවකට එක් කර ගන්න



සමහර සයිට් වල මේ වගේ ටූල්ස් තියෙනව. ඒ පිටුව තමුන්ට පසු භාවිතයට තියා ගන්න ඕනෙ නම්, එම වෙබ් අඩවියෙන්ම එම පිටුව PDF ගොනුවක් බවට හරවල සේව් කරගන්න දෙනව. 
ඔයත් කැමති ඇති ඒ වගේ එකක් ඔයාලගෙ වෙබ් පිටුවකටත් එකතු කරගන්න. එහෙනම් මෙන්න අවස්ථාව.
මෙන්න මේ වගේ බොත්තමක් තමා ඔයාලට ලැබෙන්නෙ. ඒක ඔයාලගෙ වෙබ් අඩවියට දාගත්තම වැඩේ ගොඩ. පොඩි javascript එකක් තියෙන්නෙ.


ඔයාලට තියෙන්නෙ මෙන්න මේ සයිට් එකට ගිහිල්ල ඒකෙ free account එකක් හදා ගන්න විතරයි. ඊට පස්සෙ එයල ඔයාට අවශ්‍ය කෝඩ් එක දෙනව. 
http://web2.pdfonline.com/




ඔයාලට පහත පරිදි වෙනස්කම් කරගන්නත් පුළුවන්.

කරල බලන්නකෝ. හැබැයි මට මේවයෙ ක්‍රියාකාරිත්වය ගැන සහතික වෙන්න නම් බෑ ඔන්න.


ඔබේ බ්ලොග් අඩවිය තව ටිකක් ප්‍රසිද්ධ කරගන්න


මේ තවත් වෙබ් අඩවියක් ගැන විස්තරයක්. 
ඔබේ බ්ලොග් අඩවිය ප්‍රසිද්ධ කරගන්න පුළුවන්, තව කියවන්නන් ටිකක් එකතු කරගන්න පුළුවන් ක්‍රමයක්. 
ඔබට තියෙන්නෙ මෙම අඩවියට ඔබේ බ්ලොග් අඩවියේ ලිපිනය දීල එයාල දෙන widget එක ඔයාලගෙ බ්ලොග් අඩවියට එකතු කරගන්න එක විතරයි.
පොඩි review එකකින් පස්සෙ එයාල ඔයාගෙ බ්ලොග් අඩවියත් එයාලගෙ බ්ලොග් ඩිරෙක්ටරියට එකතු කර ගන්නව. ඊට පස්සෙ වෙන අඩවි වල තියෙන මෙම widget එකේ ඔයාලගෙ බ්ලොග් එකේ ඇඩ් එකක් යනව. (ඔයාලගෙ බ්ලොග් එකේ වෙන අයගෙ බ්ලොග් ගැන ඇඩ් එකක් යනව). 
මෙම සේවය නොමිලේ ලබා දෙන්නක්.නමුත් මුදල් ගෙවල වඩා හොඳ දේවල් ලබා ගන්න පුළුවන්.


මෙන්න මේ වගේ එකක් තමයි ඔයාලගෙ බ්ලොග් එකට එකතු කරගන්න තියෙන්නෙ. (තාම approve වෙලා නැති නිසා මේකෙ යන්නෙ එයාලගෙ ඇඩ් එකක්)




ගිහිල්ලම බලන්නකො.
http://www.blogupp.com/


කියවන්නෝ ඇත කොමෙන්ට් කරන්නෝ නැත



මගේ මෙම සිංහල බ්ලොගයට සාමාන්‍යයෙන් මසකට unique visitorsලා හාර පන්සියයක් හා page loads අටසියයක්වත් ලැබේ.
මගේ Photography බ්ලොගයට මසකට අඩුම ගානේ unique visitorsලා හය හත්සියයක් හා page loads දහස පනී.
නමුත් මතක ඇති කාලයකින් මගේ මෙම බ්ලොග් 2න් එකකටවත් හොඳ කොමෙන්ටුවක් ලැබුනේ නැත. (විශේෂයෙන්ම photography එකට) ඇයි දැන් කස්ටියට කොමෙන්ට් එකක් කරන්නවත් වෙලාවක් නැති වෙලාද???
අනේ මන්ද, Comments are the driving force of blogging කියනවලුනෙ (මගෙ කතාවක් හොඳේ, මේක වෙන කවුරුත් කියල නෑ. :D ) ඒත් ඉතින් කොමෙන්ට් නැති උනාම ලියන්නත් කම්මැලි හිතෙනව. 



ලෝකය වටා සිටින ව්‍යවසායකයන් සමඟ සම්බන්ධ වන්න



දවස් කිහිපයක් තිස්සෙ මට සෙම්ප්‍රතිශ්‍යා උණ, තාම සනීපයක් නෑ, ඒත් ඉතින් පොඩ්ඩක් මේ පැත්තත් බලන්න එපැයි.
ලෝකය වටා සිටින ව්‍යවසායකයන් (entrepreneurs) සමඟ සම්බන්ධ වන්න කැමති නම් මෙන්න ගැළපෙන වෙබ් අඩවියක්. මේකත් ටිකක් ට්විටරය වගේමයි. හැබැයි මේකෙ ඉන්නෙ පට්ට ඩයල්ස්. ලෝකෙ ලොකු ලොකු කස්ටිය මේකෙ ඉන්නව, ඔයාල කරන දේවල් සම්බන්ධයෙන් උපදෙස් ගන්න, අළුත් අළුත් අදහස්, නව නිර්මාණාත්මක අදහස්, ලබා ගන්න පුළුවන් මේ හරහා. ප්‍රශ්න අහන්න, ප්‍රශ්න වලට උත්තර දෙන්න, ඔය වගේ වැඩ කරන්න පුළුවන් මේ වෙබ් අඩවිය හරහා.










මේ තියෙන්නෙ මගෙ පිටුව.






ගිහිල්ලම බලන්නකෝ.
http://sprouter.com/

http://sprouter.com/madhawa


Skysa - ඔබේ වෙබ් අඩවියට/බ්ලොග් අඩවියට Social Bar එකක් ඇඩ් කරගන්න.



මේක නම් අළුත් දෙයකුත් නෙමෙයි, ඔයාල දැකල ඇති අපේ කට්ටියගෙ බ්ලොග් අඩවි හුඟක යටින් හරි උඩින් හරි ටූල් බාර් එකක් වගේ Social Bars. මේ වෙබ් අඩවියත් එහෙම සේවාවක් ලබා දෙන අඩවියක්.




පේනව නේද යටින්ම තියෙන බාර් එක? අන්න ඒ වගේ එකක් තමා ඔයාලටත් ලැබෙන්නෙ.

මේකෙ තියෙන අංග වලින් සමහරක් තමයි, Announcements, Chat Room, Comments, Facebook Fan Page, Flickr Photo Gallery, Friends IM App, Map and Directions (Google), RSS Feed, Search, Share (By Addthis), Translate. තව දේවල් තියෙනව.


මෙන්න වෙබ් අඩවිය, ගිහිල්ලම බලන්නකො.
http://www.skysa.com/
ඒකෙ තියෙන features මෙන්න මෙතනට ගිහිල්ල බලන්න.
http://www.skysa.com/features.htm


විභාග ඉවරයි - යළි බ්ලොග්කරණයට...

විභාග වැඩ ඔක්කොම ඉවරයි, දැන් ඉතින් ටික කලයක් ටිකක් නිදහසේ හිටියැකි. ඒ අතරෙ බ්ලොග් එකටත් ලිපි ටිකක් ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්නව, විශේෂ ලිපි ටිකක් ලියන්න බලාපොරොත්තු වෙනව web 2.0 තාක්ෂණය භාවිතා වන වෙබ් අඩවි ටිකක් ගැනත් කියන්න හිතාන ඉන්නව.
එහෙනම් ඉදිරියට මගෙ ලිපි පෙළක් බලාපොරොත්තු වන්න.